Sunday

රංගනත් එක්ක සෙට් වෙන්න 'රිතු' මිල අධිකම එකක් අරන්

අද රෑට බලන්න
පුළුවන්
නිළියන්
නටන නැටුම් 

කොපි චැට් 100 වැනි වැඩසටහන වෙනුවෙන් මේ ඉරිදා රාත‍්‍රී 10.00ට කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන සුපිරි සාදයට ජනප‍්‍රිය තරු 300කට අධික පිරිසක් සහභාගි වෙන බව ඔබ මේ වනවිටත් දන්නවා.

මේ සුන්දර රාත‍්‍රිය බබලවන්න අපේ ජනප‍්‍රිය තරු අතරත් තියෙන්නේ පුදුම තරගයක්. අනින් අය අතරින් කැපී පේන විදිහෙ ඇඳුම්, පැළඳුම් තෝර ගන්නයි ඔවුන් මේ දවස්වල මහන්සි වෙන්නේ.

ඒ අතරින් නව පරපුරේ ජනප‍්‍රිය නිළියක් වන රිතු ආකර්ෂා කොපි චැට් 100 වන විශේෂ වැඩසටහනට සහභාගි වෙන්න ඇඳුම ගෙන්වගෙන තියෙන්නෙ eBayහරහා.

හිරු ගොසිප් වෙත ආරංචි වුණ විදිහට මේ ඉන්දියානු විලාසිතාවෙ සල්වා එක රුපියල් 50,000කටත් වඩා මිල අධිකයිලූ. රිතු නම් ඒ ගැන අපිත් එක්ක කථා කරන්නත් එච්චර කැමති වුණේ නෑ.අපි බලමු රිතූට ඒක කොච්චර ලස්සනට තියෙයිද කියලා එදාට ```

කොහොම වුණත් ජනප‍්‍රිය නිළි නදීෂා හේමමාලි, යුරේනි නොෂිකා, මේනකා පීරිස්, හිමාලි සිරිවර්ධන, අනූෂා දමයන්ති වගේම තවත් ගොඩදෙනෙක් ඣඡුශ ක්‍්‍ය්ඔ 100 සාදයට සහභාගි වෙන්න ලංකාවෙ නම ගිය ඉහළ පෙලේ මෝස්තර නිර්මාණ ශිල්පීන් ලවා විශේෂ ඇඳුම් නිර්මාණය කර ගත්ත කියලයි ආරංචිය.

ඒ ජනප‍්‍රිය තරු 300කට අධික පිරිසක් එකම තැනකදී දිදුලන මෙම සුපිරි සාදයේදී කාගේත් සිත් ඇද ගන්නා අයුරින් වෙනස්ම වූ විලාසිතාවන්ගෙන් සැරසෙන්න සූදානමින්. ඒ විතරක් නෙමේ සාදය තවත් රසවත් කරන්න නටන්න ගයන්නත් වෙන හින්දා ප‍්‍රවීණ නර්තන නිර්මාණ ශිල්පීන් හමුවෙලා පුහුණුවීම් එහෙමත් කරනවලූ. ඒ ගැනත් අලූත්ම විස්තර හිරු ගොසිප් තුළින් ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න.

මේ සියල්ලත් එක්කම කොපි චැට්  100 වැනි වැඩසටහන වෙනුවෙන් හිල්ටන් හෝටලයේ හෙට (01) රාත‍්‍රී 10ට පැවැත්වෙන සුපිරි සාදය අපේ රටේ කලා ක්ෂේත්‍රෙයේ අමර”ය මතක සටහනක් වනු ඇති. ඒ සුන්දර යාමය සජීවීව හිතේ හැටියට විඳගන්න අද (01) රාත‍්‍රී 10 සිට හිරු ඔඪ බලන්න.