Tuesday

මිල අධිකම පාපන්දු ක්‍රීඩකයා නිරුවත්වේ

රොනල්ඩෝ සිය 
නිරුවතින් සගරා
කවරයක් සරසයි

RONALDO Cristiano Ronaldo කියන්නේ දැනට ලෝකයේ සිටින දක්ෂතම වගේම ඉතා ජනප්‍රිය තලයේ සිටින පාපන්දු ක්‍රීඩකයෙකි. ඒවගේම ඔහු පාපන්දු ලෝකයේ සිටින මිල අධිකම ක්‍රීඩකයෙක්. පසුගියදා පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමත් සමගම Ronaldo ගැන අවධානය තවත් වැඩි උනා.

කෙසේ වෙතත් මේ ආරංචිය ඔහුගේ දක්ෂතාවයක් ගැනනම් නොවේ. පසුගියදා ඔහු හා ඔහුගේ පෙම්වතිය වන Irina Shayk ගේ අඩ නිරුවත් ඡායාරූප එකතුවක් vouge නම් සඟරාවේ

පළවීමත් සමග Ronaldo කෙරෙහි අවධානය තවත් වැඩි වී ඇති බව වාර්තා වේ.

මෙම සඟරාවේ කවරයේ සරසා ඇති පින්තුරයේ අදහස් වන්නේ 'ආදරය හා පාපන්දු ක්‍රීඩාව' යන්නයි. 29 හැවිරිදි පෘතුගාල ජාතික Cristiano Ronaldo වර්තමානයේ නියෝජනය කරන්නේ Real Madrid කණ්ඩායමයි.