Friday

අවුරුදු 15ක දැරිය පස්දෙනෙකු වනසලා

දැරිය පරිවාස
භාරයට.......

වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර දැරියක් මාස 6ක් තිස්සේ වරින් වර බරපතළ ලෙස දුෂණය කළ බවට මැදවච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව මැදවච්චිය සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ මැදවචච්චිය නගරයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයකු හා කැබිනට් අමාත්‍යවරයකුගේ හිටපු රියැදුරකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය පෙරේදා නියෝග කළාය.


මෙම සිදුධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා අදාළ විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළග නඩු දිනයේදි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මැකවච්චිය පොලිසියට තවදුරටත් නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන් බරපතළ ලෙස දුෂණය කර ඇති දැරිය පරිවාස භාරයට පත්කිරීමටද නියෝග කළාය.


දැරිය ආරක්ෂිත ස්ථානයක රදවා තබා ඇයට උපරිම ආරක්ෂාව සපයන ලෙසත්දැරියගේ කායික මානසික ශක්තිය වර්ධනය කිරීමට අවැසි පියවර ගන්නා ලෙසත් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ කීර්තිරත්න මහතාට නියෝග කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙසේ සැකපිට රිමාන්ඞ් කළේ මැදවච්චිය නගරයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකරුවකු වන සුගතපාලගේ කුලරත්න, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කැබිනට් අමාත්‍යවරයකුගේ හිටපු රියදුරකු වන වන්නිආරච්චිලාගේ ලෙස්ලි සේස්පියර්, ව්‍යාපාරිකයකු වන මහපටුනගේ දනුෂක පෙරේරා මුදලියාගේ සම්පත් විෙ–සිංහ සහ විජයමුනි චන්දන සෙනෙවිරත්න යන සැකකරුවන්ය ඔවුන් සියලූ දෙනා මැදවච්චිය නගරය අවට පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් අතරින් පස්වැනි සැකකාර විජයමුනි චන්දන නැමැත්තාට එල්ල වී ඇති චෝදනාව වන්නේ එකේ සිට හතර දක්වා සැකකරුවන්ට දැරිය මුදලට විකි”මයි, සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මැදවච්චිය පොලිසිය කියා සිටියේ මෙම සැකකරුවන් අතරින් එකේ සිට හතර දක්වා සැකකරුවන් මෙම  දැරිය වරින් වර අවස්ථා කිහිපයක් බරපතළ ලෙස දුෂණය කර ඇති බව මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලදී අනාවරණ්‍ය වූ බවද අධිකරණයට කියා සිටි පොලිසිය මැදවච්චිය වවුනියව පාරේ පිහිටි නවෝද්‍ය නමින් හදුන්වන හෝටලයේදීත් ඇතැම් සැකකරුවනගේ නිවෙස්වලදීත්

ළ දැරිය මෙලෙස ¥ෂණය කර ඇති බවද කීවේය, මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් වේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් විමර්ශනයක් ක‍්‍රියාත්මග බවද අධිකරණයට සැළ කළ පොලිසිය දැරිය දුෂණය කිරීම සදහා යොදාගත් බව කියන හෝටලයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මෙම අපරාධයේ සැකකරුවෙකු ලෙස නම් කිරීමටද අපේක්ෂා කරන බවද කීවේය,