Sunday

පියාසර කරමින් තිබුණු යානයක රෝදයක් ගැළවෙයි

ගුවන් යානය ආරක්ෂිතව 
රත්මලානට බස්සලා.....

අද සෙනසුරාදා උදෑසන ගුවන් යානයකට සිදුවූ අකරතැබ්බය කලාතුරකින් සිදුවන ගණයේ එකකි. රත්මලාන පුද්ගලික ගුවන් යානා පුහුණු පාසලක පුහුණුවීම්වල නිරත ගුවන් යානයක රෝදයක් අද පෙරවරුවේ ගැලවී ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා වුණා.

අනතුරුව ගුවන් යානයේ පුහුණු නියමුවා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරිය හා සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වා ගනිමින් ඔවුන් දුන් උපදෙස් මත ගුවන් යානය රත්මලාන ගුවන් හමුදා කදවුරේ ගුවන් පථයට වෙත ප‍්‍රවේශමෙන්

පතිත කර අනතුරකින් තොරව යානය නවත්වාගෙන තිබෙනවා.

මිලේනියම් පෞද්ගලික ගුවන් සමාගමට අයත් සෙස්නා 152 නමැති සැහැල්ලූ ගුවන් යානයක් වන මෙය අද
පෙරවරුවේ සිය ගුවන් නියමුවන් පුහුණුකිරීමේ අරමුණින් ගමන් කර ඇත.

එසේ යන අතර යානයේ වම්පස රෝදය ගැලවී  හදිසියේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම, මිල්ලනිය පරගස්තොට ප‍්‍රදේශයට කඩා වැටී තිබේ. ත‍්‍රීරෝද රියක රෝදයක් තරම් වන මෙම රෝදය අහසින් වැටෙනු බව එය ඇසින් දුටුවන් කියා තිබෙනවා.

ගුවන් පථයට රැුගෙන ආ ගුවන් යානය එක් රෝදයක් නොමැතිව ගොඩ බස්සවා ගැනීම අනතුරුදායක වූ නමුත් පාලක මැදිරියේ උපදෙස් නියමාකාරයට පිළිපදිමින් අදාල යානයේ ගුවන් නියමුවා යානය ගුවන් පථයට ගෙනවිත් ඇත.

ගුවන් හමුදාවේ ගිනි නිවීමේ රථ හා හදිසි ආපදා කණ්ඩායම් සූදානමින් සිට ඇත්තේ ගුවන් යානය අනතුරට පත් වුවහොත් ඉන් සිදුවන හානිය පාලනය කිරීම හා ගුවන් නියමුවා ඇතුළු සහය නියමුවන් බේරාගැනීමට වන අතර ගුවන් යානයේ වේගය අඩුවීම, ගුවන් යානය සැහැල්ලූ ගුවන් යානයක් වීම හා ගුවන් නියමුවාගේ දක්ෂතාව මත ගුවන් යානය නිරුපද‍්‍රිතව ගොඩ බැස්සවීමට අවසානයේ හැකියාව ලැබී තිබුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ නියමුවාගේ දක්ෂතාව මත යානය සාර්ථක ලෙස රත්මලාන ගුවන් තොටුපළට නිරුපද‍්‍රිතව ගොඩ බස්සවා ගැනීමට හැකි වූ බවයි.