Saturday

මව්පියන්ගෙන් පැහැරගෙන දැරියක් කෙළසලා

සැකකරු 
අත්අඩංගුවට

වයස අවුරුදු 15 යි මාස 09 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කල්පිටිය- සින්නකුඩිරිප්පුව පදිංචිව සිටි පාසල් සිසුවියකි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ 15 බ්ලූමැන්ඩල් පෙදෙස පදිංචි 22 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ අපහරණයට පත්ව ඇති දැරිය අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් තිබී ඇති අතර එම සම්බන්ධතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් දැරියට දුරකථන ඇමතුමක් ලබා දී පුත්තලම * පාලාවිය මංසන්ධියට ගෙන්වා ගෙන පසුව ඇයව බස් රථයකින් කොළඹ බලා රැුගෙන යමින් සිට ඇත.

මේ බව දැන ගෙන ඇති දැරියගේ මව්පියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පලා යමින් සිටි දෙදෙනාවම අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත. පොලිස් භාරයට ගෙන ඇති දැරිය කිසියම් අතවරයකට ලක්ව ඇද්ද යන්න දැන ගැනීම සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

පුත්තලම - ජුඞ් සමන්ත