Saturday

මමත් කොහේ හිටියත් අම්මගේ අඩි පාරේ යනවා

ඩිලානිගේ 
දෝණි කියයි...

මතකද දෝණි.......  කියවන ඔබට අමුතුවෙන් ඒ ගැන කියන්න   ඕන නෑනේ. එදා ඉදලා ලංකාවේ නම ගිය අයගේ දෝණිලාගේ හොඳ හොඳ සෙල්ලම් වගේම ඡුායාරූපත් දෝණි විශේෂාංගයෙන් ඔබ දැක්කනේ. 

වැෙඬ් කියන්නේ අද ආයිත් මේ කතාවේ මුලට එන්න අපිට සිද්ධ වුණා. දෝණි 1න් අපි ඔබට කිව්වේ ඩිලාන් අබේවර්ධනගේ දෝණි කවීෂා කාවින්දි පේ‍‍්‍රමබන්දු ගැනනේ.

දැන් කවීෂා නව යෞවන වියේ පසුවන හැඩකාර තරුණියක්. වයසත් 18 ක් වෙනවා. මීට අවුරුදු 11 කට කලින් තමයි කවීෂාට අම්මයි තාත්තයි එක්ක නිව්යෝක් යන්න වුණේ.


ඇමරිකාවේ පදිංචි වෙලා හිටියට කවීෂා නම් කියන්නේ ඇගේ හිත තියෙන්නේ ලංකාවේ කියලයි. සිංහල සිංදු අහන්න, ක්‍‍්‍රිකට් මැච් බලන්න වගේම ඇය මව් රටේ සිද්ධවෙන හැම දෙයක් ගැනම උනන්දුයි කියලයි කියන්නේ. ඒ වගේම මේ දවස්වල කවීෂාගේ ජීවිතය ගතවෙන්නේ කොහොමද කියලත් ඇය හිරු ගොසිප් වලට කිව්වා.



මේ අගෝස්තුවල ඉඳලා ඇය ගණකාධිකාරිවරියක් වෙන්න සුදුසුකම් සපුරන්න කැම්පස් යනවලූ. ඒ හින්දා වැඩිපුරම කාලය යොමු කරන්නේ අධ්‍යාපන කටයුතුවලට කියලායි ඇය කියන්නේ.

ඉතිං කවීෂා ජනප‍‍්‍රිය රංගන ශිල්පීනී ඩිලාන් අබේවර්ධනගේ දෝණි නිසා කලා කටයුතු ගැන උනන්දුවක් නැද්ද කියලා ඔබට ප‍‍්‍රශ්ණයක් ඇතිනේ. ඒකටත් උත්තරයක් තියෙනවා. පාසල් නිවාඩු කාලෙදි ඇය කලා කටයුතුවලට උනන්දු වෙනවලූ. ඔැකැාර්ප්ල ත්‍සකපිල ඵමිසජ ඪැාසද වගේම ජදපපැරජස්ක වලටත් සහභාගි වෙනවා කියලා තමයි කවීෂා හිරු ගොසිප් වලට කිව්වේ. 


ඉතිං ඒ හැමදේටම ගැලපෙන්න ඇගේ ශරීරය හැඩට තියාගන්නත් ඇය උනන්දුයිලූ. ඒකට හැමදාම ජිම් යනවා කියලත් අපිට ආරංචි වුණා. කොහේ හිටියත් අම්මගේ අඩි පාරේ යනවා කියලයි කවීෂා කියන්නේ.

මේ හැමදේම සලකලා බැලූවම අපිට තේරෙන්නේ අම්මාගේ අඩි පාරේ යන්න   ඕන සුදුසුකම් ඔක්කොම දෝණියට තියෙනවා වගේ නේද?