Thursday

පියුමි බෝත්ජුගේ සිගරට්ටුව

රන්ජාගෙ කෑල්ලක්
නිසා පියුමිට
විරෝධයක්....

ජනප්‍රිය නිළියක් වන පියුමි බෙතේජුට අමද්‍යප ව්‍යාපාරට සම්බන්ධ පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

ඇයට මේ විරෝධය එල්ලවි ඇත්තේ 'රන්ජා' චිත්‍රපටයේ දර්ශනයක් නිසාය. ඇය එම සිනමා පටයේ චණ්ඩි කතකගේ චරිතයක් රඟන අතර එහි සිගරට්ටුවක් අතින් ගෙන සිටින දර්ශනයක්ද තිබේ.


අදාල දර්ශනය හේතුවෙන් මේ විරෝධය එල්ලවී ඇති බව පැවසේ.

ඒ පියුමි දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී චරිතයක් ලෙස සමාජයේ පෙනී සිටින බැවිනි.

කෙසේවුවද රන්ජා හි චරිත මැවූ බොහෝ දෙනෙකු පවසන්නේ පියුමි සිගරට්ටුවක් අත රදවාගෙන සිටියද එය නොබිව්ව බවයි.