Monday

හොල්ට් එකේ තරුණියකට කුණුහරුප පෙන්නලා

සැකකරු
අත්අඩංගුවට 

බස් නැවතුම්පොළකදී ජංගම දුරකතනයක තිබූ අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවරයක් කළ බවට සැකපිට කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා සැකකරුට රුපියල් හාරදහසක දඩ මුදලක් නියම කෙළේය.

ශ‍්‍රී ලාල් දේවසිරි ප‍්‍රනාන්දු නමැති සැකකරුවකුට මෙම දඩ මුදල නියම විණි. රක්ෂණ සමාගමක සේවිකාවක් මෙහි පැමිණිලිකාරිය විය.

ඇය ඉකුත් 30 දින සේවය නිම වී නිවෙසට යෑම සඳහා කොම්පඤ්ඤවීදිය බස්නැවතුම්පොළේ සිටින අවස්ථාවේ සැකකරු පැමිණ ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ අසභ්‍ය දර්ශන තමන්ට පෙන්වූ බවට ඇය විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.