Wednesday

තැනේ හැටියට ඇණේ ගහන්න මම දන්නවා - අක්ෂා

එයා එපාම කිව්වොත්
මොකක් හරි 
වෙනසක් කරනවා....

අක්ෂා ටිකක් වැඩිපුර පැෂන් කරනවා නේද?
අනිවාර්යයෙන්ම. පැෂන් තියෙන්නේ අක්ෂාට කරන්න. එහෙම නැතිව අක්ෂා පැෂන් කරන්නෙ නැහැ.

ඇඳුම් අඳිද්දි මොනවද තියෙන සීමා?
ලංකාවේ සංස්කෘතිය ගැන තමයි වැඩියෙන් සැලැකිලිමත් වෙන්නේ. ඒත් ගැළපෙන විදියට ඇන්‍දොත්  ඕනම ඇඳුමක් අඳින්න පුළුවන්.


පැෂන්  කරද්දි මොනවද නැතිවම බැරි?
 මගේ ෂූස්, ලිප්ස්ටික්, හෑන්ඞ් බෑග් එක, පර්ෆියුම්, වොච් එක.

ඔයා මොන විදියට අඳිනවටද අනෙක් අය කැමැති?

ගොඩක් අය කියන්නේ මම ඉන්දියන් ඇන්දාම ලස්සනයි කියලා. ඒත් මම ආසයි  ඕනෑම ත්‍්ියසදබ එකක් ලස්සනට කරන්න.


අක්ෂගේ ඇඳුම් අතර මුල්තැන හිමිවන්නේ මොනවටද?

මම කැමැති ලස්සන කොට ගවුම්වලට. ඒත් ලංකාවේ සංස්කෘතියත් එක්ක හැම තැනටම ඒවා අඳින්න බෑ. කුර්තා එකක්, ටී ෂර්ට් එකක් එක්ක ෆෑන්ට් එකක් ඇන්දාම  ඕනම තැනකට ගැළපෙනවා.

අක්ෂා තද රතු පාට ලිප්ස්ටික් පාවිච්චි කරන්නේ ඉඥය ඉරථඡුධත එකක් විදියටද?

එහෙම නෙවේ. ඍෑෘ කියන්නේ මගේ ේඩදමරසඑැ ජදකදමර එක. ඒ නිසාම මට මගේ ලිප්ස්ටික් එක නැතිවම බෑ. ගොඩක් අය කියනවා රතු පාට මට ගැළපෙනවා කියලා. මම ඉ්ඉහ චසබන, දර්බටැ වගේ පාටටත් ආසයි. ඒත් වැඩිපුර මිැ කරන්නේ රුා ජදකදමර එක.

කැමරාව ඉස්සරහදී මොනවද විකුණන්නේ?

මම මුකුත් විකුණන්නේ නැහැ. දෙවියෝ මට දීලා තියෙන ලස්සන විකුණන්න මම කැමැති නැහැ. මගේ ලස්සනෙනුයි, ටැලන්ට් එකෙනුයි අනෙක් අයට දෙයක් දෙන්න තමයි මම කැමැති.

ඡුායාරූප ශිල්පියෙක් ඉස්සරහා මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ?

මගේ ඇඳුම ගැන. කැමරාවට අපි චදිඑ කරන විදියට අපේ ඇඳුම එහා මෙහා වෙනවා. ඒ ගැන නම් ගොඩක් බලනවා.

කවදහරි දවසක ඔබේ සැමියා හෝ පෙම්වතා කිව්වොත් ඇඟ පේන්න ඇඳුම් අඳින්න එපා කියලා. ?


තැනේ හැටියට ඇණේ ගහන්න මම දන්නවා. එයා එපාම කිව්වොත් මොකක් හරි වෙනසක් කරලා අඳිනවා.

අක්ෂා ආයෙත් පෙම්වතියක් වන දවසක ඔයාගේ පෙම්වතා ළඟ නොතිබිය යුතුම මොනවාද?

මම ආස නැහැ එයා බොරු කියනවට.

අක්ෂා කටකාර කෙල්ලෙක්ද?

අනේ නැහැ. තැනේ හැටියට ඉතින් මම වෙනස් වෙනවා. මට කවුරුහරි චණ්ඩි පාට් එකක් දාන්න ආවොත් මාත් එහෙම තමයි. මට ආදරේ කරන අයට මාත් ආදරෙයි.

සවනි ශේෂාධි