Tuesday

ඇඳක බැඳ මලක් තලලා

බාලවයස්කාරියක
ඇඳක බැඳ
අතවර කරලා...

ළමා නිවාසයක හැදී වැඩුණු වයස අවුරුදු 10 ක්වන බාල වයස්කාර දැරියක් තම  මව වෙත පැමිණි සිටි අවස්ථාවේදී ඇයට හිංසා කරමින් ලිංගික අතරවරයක් සිදු කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

හලාවත රෝහල් පොලීසිය විසින් සිදු කර ඇති දැණුම් දීමක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව  පොලීසිය පවසයි.

කටුනේරිය ප‍‍්‍රදේශයේ ළමා නිවාසයක හැදී වැඤූු ඇති ඇය වෙන්නප්පුව - වයික්කාල පදිංචිකාරියකි.

අතවරයට පත්ව ඇති දැරිවියගේ මව්පියන් ඇය කුඩා කාලයේදීම වෙන්වී ඇතඉන් පසුව තම දියණියව ළමා නිවාසයක බාරයට පත් කර ඇති  මව රැුුකියාවක් සදහා කැනඩාවට සදහා ගොස් ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ දැරියගේ මවනිවාඩුවක් සදහා මෙරටට පැමිණ ඇතඉන් පසුව නැවතත් දැරිවිය තම මව වෙත ගොස් තාවකාලිකව ඇය සමග ජීවත් වී ඇති බව වාර්තා වෙයි.

මව කිසියම් අවශ්‍යතාවයක් සදහා නිවසින් පිටතට ගිය අවස්ථාවක සැකකරු විසින් තමාව ඇදකට තබා බැද මෙම අපරාධය සිදු කළ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

මෙම අපරාධය සිදු කර ඇත්තේ අතවරයට පත්ව ඇති දැරිවියගේ පියා විසින් හදා වඩා ගත් අයෙකු බව පොලීසිය කියයි

නිවසට පැමිණ ඇති මව තම දියණියට සිදුවී ඇති අපරාධය දැක ඇයව හලාවත මහා රෝහලට ගෙනවිත් ප‍්‍රතිකාර සදහා නේවාසික ගත කර ඇත සැකකරු ප‍‍්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව පොලීසිය කියයි

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.