Sunday

පියුමි පාතාල රැජිණක් බව හෙළිවෙයි

මම සරමකුයි
ෂර්ට් එකකුයි
ඇඳල ඉන්නේ...

මේ දිනවල තිරගත වන ජනප‍්‍රිය චිත‍්‍රපටයක් රන්ජා. රන්ජා නිසා අපේ රංගන ශිල්පිනියක් මේ දවස්වල සතුටින් පසුවෙන බව අපිට දැන ගන්නට ලැබුණා. ඇය තමයි ජනප‍්‍රිය රංගන ශිල්පිනී පියුමි ශානිකා. පියුමි මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මේ ගැන ඇගෙන් ම විමසා බලන්න අපිට හිතුණා.

"රන්ජා චිත‍්‍රපටය මේ දින කීපයට නරඹපු කලා ක්ෂේත‍්‍රයේ හිතවතුන් ගෙන් වගේම පේ‍්‍රක්ෂකයන් ගෙන් ලැබෙන්නේ හරිම උණුසුම් ප‍්‍රතිචාර.


මම එහි පාතාල රැජින එහෙම නැතිනම් ස්වර්ණා කියන චරිතයයි නිරූපණය කරන්නේ. මම සරමකුයි ෂර්ට් එකකුයි ඇඳල රපාන්නෙ. හුග දෙනෙක් කියන්නේ අලූත් විලන් කෙනෙක් ක්ෂේත‍්‍රයට එකතු වුණා කියලයි.

ඒ වගේම මම තවත් අලූත් ටෙලිනාට්‍යයක රංගනයට දායක වෙනවා. එහි නම සඳ විනි විද කියලා. කොහොම වෙතත් මම රගපෑ තවත් චිත‍්‍රපට කීපයක් ම තිරගත වෙන්නත් තිබෙනවා."