Wednesday

බැති ගී කියන ඉතාලි වෛද්‍යවරිය

පොසොන් බැති ගී
සරණිය 
වෙනුවෙන්.....

මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ එම් සෙනරත් බංඩාර මහතාගේ හා කාර්යය මණ්ඩලයේ සංවිධානයෙන් පොසොන් බැති ගි සරණිය සංවිධානය කර තිබෙනවා.

එම රෝහලේ සේවය සදහා පැමිණ සිටින ඉතාලි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මොනිකා පිකොලි මෙනෙවියද බැති ගී සරණිය සදහා එක් වන බවත් ඒ සදහා දැන් සිටම වෛද්‍යවරිය  පුහුණුවිම් කරන බව වර්තාවනවා.


රෝහලේ සියලු අංශවල කාර්්‍ය මණ්ඩල නියෝජනයෙන් මෙම බැති ගි සරණිය සංවිධානය කර ඇති බව වෛද්‍ය අධිකාර  සෙනරත් බංඩාර මහතා ප්‍රකාශ කර සිටියේ.

මහියංගන මුලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන පොසොන් බැති ගි සරණිය ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ විල්ලුව වැව සිමා මාලකයේදි 11 හා 12 යන දිනයන් හිදී සවස 7ට පැවැත්වීමට නියමිතයි.