Monday

දික්කසාදය ඉල්ලුවාට බිරිය මරා දමලා

ළුවන්ට කොළ අතු
කැපීමට ගිය 
වෙලේ මරා දාලා...

බිරිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා බල කළැයි කියන සිද්ධියක් මත බිරිය ඝාතනය කළ සැමියා වස බී ඇත.සැමියා අතින් ඝාතනයට ලක්ව මියගොස් ඇත්තේ 53 හැවිරිදි පාතිමා කරීනා නමැති කුමාරිමුල්ල පාගොඩ පදිංචි කාන්තාවකි.

මරණකාරිය නිවෙසට නුදුරේ ඇති ලඳුකැලෑවකට එළුවන්ට කොළ අතු කැපීම සඳහා ගිය අවස්ථාවේ සැමියා විසින් ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පූගොඩ පොලිසිය පැවැසීය.


වස බිව් සැමියා පොලිස් රැකවරණය මත වතුපිටිවල රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කෙළේය.

පෙරේදා (14දා) සවස සිදුවී ඇති මේ ඝාතනය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පූගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.