Tuesday

ජැකලින්ගේ සාරාගී බවේ උච්චතම අවස්තාව

බොලිවුඩ් සරගිනියන්
අතුරෙන්
ජැක්ලින් තුනට.....

ඉන්දියාවේ වඩාත් ප‍‍්‍රිය උපදවන කාන්තාවන් පනස්දෙනා අතර තුන්වන ස්ථානයට පත් වීමට ජනප‍‍්‍රිය බොලිවුඕ නිලියක වන, ශ‍‍්‍රී ලංකාවේ උපත ලද ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමත්ව තිබෙනවා. ඒ, ඉන්දියානු ජනතාවගේ ඡුන්දයෙන් සැකසුනු 2013 වසරට අදාළ වාර්තාවට අනුවයි.

සල්මන් ඛාන් සමග රංගනයෙන් දායක වූ කික් චිත‍‍්‍රපටය හේතුවෙන් ඇය මේ වන විට බොලිබුඕ පුරවරයේ පුවත් මවන්නියක් බවට පත්ව සිටිනවා.


2012 වසරේ ශ්‍රේණිගත කිරීමට අදාළව ඇයට හිමිව තිබුණේ අටවන ස්ථානය වීමද විශේෂත්වයක්.

2013 වසරට අදාළව නිකුත් කෙරුණු ඉන්දියාවේ වඩාත් ප‍‍්‍රිය උපදවන කාන්තාවන් පනස්දෙනාගේ මෙම ලයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ජනප‍‍්‍රිය නිලි දීපිකා පදුකෝනි හටයි.

ඉකුත් වසරේ ඇය රග පෑ රේස් ටූ, චෙන්නයි එක්ස්ප‍‍්‍රස්, යේ ජවානී හේ දිවානී සහ රාම්ලීලා යන චිත‍‍්‍රපට අතිශය ජනප‍‍්‍රිය වීම ඊට හේතු වී තිබෙනවා.

එමෙන්ම රන්වීර් සිං සමග පැවති ඇගේ සමීප සබදතාවද ඉකුත් වසරේ ඇය පුවත් මවන්නියක් බවට පත්කළා.

මෙම ලයිස්තුවේ දෙවන ස්ථානය කත‍‍්‍රිනා කයිෆ්ට හිමිව තිබෙනවා.

එහි සිව්වන ස්ථානය සරාගී නිලියක් ලෙස ප‍‍්‍රකට සනීලියොන්ට හිමිව තිබීම විශේෂත්වයක්. එහි පස්වන ස්ථානය හිමිව ඇත්තේ ජනප‍‍්‍රිය නිලි ප‍‍්‍රියංකා චොප්රාටයි.