Monday

හිටපු සෙබළෙක් මහ රෑ තරුණියකගේ යහනට ගොඩවෙලා

ගෙහිමියාගේ
අතත් 
සපා කාලා.... 

කාන්තාවකට අතවර කිරීම සඳහා මහ රෑ නිවෙසකට ඇතුළු වූ තිදෙනකුගෙන් එක් අයකු අල්ලා දීමට ගෙහිමියා සමත් වීම නිසා සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට කුරුවිට පොලිසියට හැකිවී තිබේ.

තම දියණියන් තිදෙනා සහ බිරිය ද සමඟ එකම ස්ථානයක නිදාගෙන සිටියදී මහ රෑ දියණියගේ කෑගැසීම නිසා අවදි වූ ගෙහිමියා දැක ඇත්තේ යම් අයකු තම දියණියගේ කට තදින් මිරිකාගෙන සිටින බවය.

මෙහිදී කලබලයට පත් ගෙහිමියා සහ බිරිය මෙම පුද්ගලයා අල්ලා මෙල්ල කර ගනිමින් පසුව පොලිසියට භාර දී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සමඟ තවත් දෙදෙනකු පැමිණි බව පොලිසිය හෙළිකරගෙන ඇත. සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදාවෙන් පැනගිය අයකු බවත් සහායකයන් දෙදෙනා පරකඩුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් සොයා ගෙන ඇත. '

ගෙහිමියාගේ අත සපා කා පැන යෑමට සැකකරු උත්සාහ දැරීම නිසා තුවාලලත් ගෙහිමියා ඇහැලියගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු බන්ධනාගාර ගත කරන ලද බවද කුරුවිට පොලිසිය කියයි.