Monday

මම රන්බීර්ගෙ නොදැකපු දෙයක් නෑ - සෝනම් කපූර්

මට එයා 
සරාගික නෑ... 

2007 දීවාලි චිත්‍රපටයේ දීපිකා සමඟ මුල් වරට චිත්‍රපට රංගනයට එක්ව සෝනම් කපූර් සවාරියා චිත්‍රපටයෙන් හින්දි තිරයේ ස්ථාවරත්වයට පත්වුණා.

බොහෝ අය කියන්නේ ඇය අයිශ්චර්යාගේ රුවට මෙන්ම රඟපෑමට සමානයි කියලයි. හින්දි සිනමාවේ සුපිරි තරුවක් බවට පත්වූ ඇය ම්ධටටඥඥ ඹඪබඩ ම්චපචද වැඩසටහනකදී අදහස් දැක්වූවේ මේ විදියටයි.

දීපිකා සහ ඔබ එකම චිත්‍රපටයකින් හින්දි සිනමාවට මුල්වරට ආවේ. තාමත් ඔයාලා යාළුවොද? උත්සාහ කරනවා යාළුකම තියා ගන්න. ඒත් දෙන්නම කාර්යබහුලයි. හැබැයි අපි කවදාවත් රණ්ඩුවෙලා නෑ.

ඒ වුණාට දෙන්නම රන්බීර් එක්ක යාළුවෙලානේ හිටියේ. ඒ නිසා රණ්ඩු නොවී තියෙන්න බැහැ?
රණ්ඩු වුණේ නෑ. මම දීපිකාට කලින් එයා එක්ක යාළුවලා හිටියේ. දීපිකා එයත් එක්ක යාළුවෙන කොට මම ඒ සම්බන්ධය නවත්තලා. කොහොම වුණත් අපි තුන්දෙනාම තාමත් හොඳ යාළුවො.

එතකොට දැන් රන්බීර්ගෙ පෙම්වතිය කවුද?
කට්ටිය කියන්නෙ නම් කත්‍රිනා කියලයි.

රන්බීර් ගැන මොනවද හිතන්නෙ?
එයා අපූරු, හොඳ කෙනෙක්. දක්ෂයි, බුද්ධිමත්, කරුණාවන්තයි, ලස්සනයි. එයා එයාගෙ මවුපියන්ට ආදරෙයි. ගරු කරනවා. ඒත් එයාට බෑ ප්‍රේම සම්බන්ධතාවක් දිගටම කරගෙන යන්න. මට හිතෙන්නෙ එයා හොඳ ප්‍රේමවන්තයෙක් නෙවේ.

ඔබ සහ සිනමා අධ්‍යක්ෂවරුන් අතර අයථා සම්බන්ධකම් ගැන කියැවෙනවා?
හැම නිළියක් ගැනම එහෙම කියනවා නේ. සමහර ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්.

ඔබ ගැන මාධ්‍යයට ප්‍රකාශ කරනවා අඩුයි නේද?
මම මගේ හැම දෙයක්ම මගේ අම්මට කියනවා. ඒත් මගේ පෞද්ගලිකත්වය පෞද්ගලිකයි, රහසිගතයි. මම ඒවා කාටවත් කියන්නෙ නෑ.

එකිනෙකාට සමාව දීම ගැන මොනවද හිතන්නෙ?
ලෝකයේ තියෙන නරකම දේ රැවටීම. මම කවදාවත් මාව රැවැට්ටුවොත් සමාව දෙන්නේ නෑ. ඒක පුරුද්දට යනවා.
කත්‍රිනාට කැමැතිද?
ඔව් එයා ලස්සනයි. අපිට වඩා අවු. 3ක් ජේ‍යෂ්ඨයි.

අයිශ්වර්යයි ඔබයි එක සමානද?
අයිශ්වර්යයි මාවයි සමාන කරන්නේ මාධ්‍ය. ඒක මගේවත් එයාගෙවත් වැඩක් නෙවෙයි.
මම දැක්කා ළඟදි ඔබයි අයිශ්වර්යයි කතා කරමින් ඉන්නවා?
ඔව්. මම අභිෂේක් එක්ක චිත්‍රපටයක් කළා. එතැනදියි කතා කළේ. ඒකත් ප්‍රශ්නයක් වුණා. අපි ගැන කතාවකුත් හැදුණා.

ගින්නක් නැතිව දුමක් නඟිනවද?
ඒත් හේතුවක් නැතිවත් කතා හැදෙනවා.
ඔබ නිදාගෙන ඉඳලා ඇහැරෙනකොට සංජේ ලිලා බන්සාලි අධ්‍යක්ෂවරයා ඔබ ළඟ හිටියොත්?
මගේ ජීවිතේ වර්ණවත් වේවි.

මොන වර්ණද?
නිල් සහ කළු හැර.
ඔබ අයිශ්වර්යා නම් මොනවද වඩාත් වටින්නේ?
ඇගේ සැමියා හුඟාක් වටිනවා.

ඔබට වැඩියෙන්ම තරගයක් තියෙන්නෙ?
හැමෝම කියන්නේ තරගය තියෙන්නේ මා එක්ක කියලා.
කෙනෙක් කියනවා නම් මම බොන්නේ නෑ. පාටිස්වලට යන්නේ නෑ. පෙම් සබඳකම් නෑ කියලා...?
මම හිතන්නේ දුප්පතෙක්.

ඔබට කෙනෙක්ව අනුකරණය කරන්න වුණොත්?
මම මාවම අනුකරණය කරනවා.

ඔබ රැයක් ගත කරන්න කැමැතිම කාත් එක්කද?
මා කැමැති ගොඩක් අය, කසාද බැඳපු අයනේ.

කමක් නෑ කියන්න?
ෆර්හාත් ඛාන්.

රඟපෑමේදී දක්ෂම කවුද ප්‍රියංකා, කත්‍රිනා, දීපිකා, කරීනා අතරින්?
කරීනා.

සරාගීතම නළුවා කවුද? රන්බීර්, ඉම්රාන්, අභිෂේක්, ජෝන් ඒබ්‍රහම් රිතික් අතරින්?
ජෝන් ඒබ්‍රහම්.

එතකොට රන්බීර්?  අන්තිමයා.

ඇයි ඒ?
මට එයා සරාගික නෑ..... මම එයාගේ හැමදේම දැකලා තියෙන නිසා වෙන්න ඇති.

දැන් ඔයාගෙ පෙම්වතා කවුද?
එක නමක්වත් කියන්නෙ නෑ......

ඒ කියන්නෙ පෙම්වතා ප්ලාස්ටික්ද?
නිළියන්ගෙ හුඟාක් දේවල් දැන් ප්ලාස්ටික්නෙ. මූණ, නහය, අඟ පසඟ දැන් ප්ලාස්ටික්වලින් හදනවා. නිළියො හුඟාක් කාර්යබහුල නිසා හුඟාක් නිළියන්ගෙ පෙම්වතුනුත් දැන් ප්ලාස්ටික් තමයි. ඒවා මිල දීගන්න තියෙනවා.

සනත් ආකර්ෂ වික්‍රමසිංහ