Friday

බිරිය මරා සැමියා එල්ලෙයි

නොදරුවන්
අනාතයි.....

තම බිරිදට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කල සැමියෙක් ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.

අද (12) අලුයම මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී මිය ගොස් ඇති කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර, ඒ ආසන්නයේ වූ අඹ ගසක තිබී ගෙළ වැලාගෙන මිය ගොස් තිබූ මළ සිරුර හමුවී ඇත.

 
මෙසේ මිය ගොස් ඇත්තේ පුත්තලම - සිරම්බිඅඩිය - සෙම්බන්දළුව පදිංචිකරුවන් බව කියන රත්නායක මුදියන්සේලාගේ ශිරන්ත (අවු:27) සහ මාරසිංහ හෙට්ටිආරච්චිලාගේ නිලුකා දමයන්ති (අවු:26) නම් වූ අඹු - සැමි යුවලකි.

මෙම යුවලට අවුරුදු 11ක සහ 09 ක කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකුද වන බව පොලීසිය කියයි.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.