Friday

ඉන්දියානුවන්ට දැන් සමුහ දුෂණයත් හරියට කජු කනවා වගේ!

ඉන්දියාවේ තවත් 
කාන්තාවක් 
සමුහ ලෙස 
දුෂණය කරලා....

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අතුරුදහන් වූ තවත් තරුණියක් ගසක එල්ලා තිබියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය සති කිහිපය තුළ මෙලෙස තරුණියන් දූෂණය කොට ගස් වල එල්ලීමේ සිද්ධි හතරක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර මෙම තරුණිය ද මරණයට පෙර දූෂණයට ලක්කොට ඇති බවට සැකයක් පවතී.



'මොරදාබාද්' නම් දිස්ත්‍රික්කයේ පොලිස්පතිවරයා කියා සිටියේ දහනම හැවිරිදි මෙම තරුණිය පසුගිය බදාදා සවස සිට අතුරුදහන් වූ බවට පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඔහු තව දුරටත් කියා සිටියේ, ගසෙහි එල්ලීමට පෙර ඇය දූෂණයට ලක් වුවා ද යන්න සොයා බැලීමට දේහය මරණ පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබ ඇති බවයි.

පසුගිය සති කීපය ඇතුළත එවැනිම ඉරණමකට මුහුණ දුන් අනෙක් තරුණියන් මෙන් ඉහත කී තරුණියත් ඉන්දියාවේ කුල ශ්‍රේණිගත කිරීම් වලට අනුව පීඩිත කුලයකට අයත් තැනැත්තියක් වන බව වාර්තාවන්හි දැක්වේ.

දූෂණයට ගොදුරු වූ 'උත්තර ප්‍රදේශ්' තරුණියකගේ මවක් ජායාරුපයේ දැක්වේ.