Monday

"ස්කූබි ඩූ"ගේ මිතුරා ෂැගී මියයයි !

පියවරුන්ගේ
දිනයේ දී
ෂැගී, ස්කූබි ඩූ
තනිකර යයි.... 

මෙරට මෙන්ම ලොව පුරාම ලොකු පොඩි සැමගේ සිත් පිනවූ ජනප්‍රිය සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ (Scooby-Doo) හි ෂැගීගේ (Shaggy) චරිතයට හඬ කැවූ "කැසී කාසෙම්" (Casey Kasem) පසුගියදාට යෙදුනු පියවරුන්ගේ දින රාත්‍රියේ දී මියගොස් ඇති බව ටී.එම්.එස්. (TMZ) වාර්තා කරනවා.

මියයන විට කැසී කාසෙම් අසු දෙහැවිරිදි වියේ පසු වුවාය. කාසෙම්  ඇමෙරිකන් ටොප් ෆෝටි (American Top 40) වැඩසටහන හරහාද රසික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියා. 


ෂැගීගේ චරිතයට තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුම හඬ කවා ඇති නමුත් 1969 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වාත් නැවතත් 2002 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා දීර්ඝතම කාලයක් එම චරිතයට හඬ කැවීමට කැසී කාසෙම්ට හැකියාව ලැබී තිබෙනවා.


2010 - 2013 වර්ෂයේ විකාශය කෙරුණු ස්කූබි ඩූ මයිස්ටෙරි ඉන්කෝපෝරේටඩ් (Scooby-Doo! Mystery Incorporated) කතා මාලාවේ ෂැගීගේ පියාගේ චරිතයටත් හඬ දායකත්වය සපයා ඇත්තේ කැසී කාසෙම් විසින්.

ඔහුගේ දියණිය පියවරුන්ගේ දිනයේදී තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ පියවරුන්ගේ දිනයේදීම තමාට තම පියා අහිමි වූ බවයි.