Wednesday

නියමුවෙක් නොමැති ගුවන් යානයක් යාපනයට කඩා වැටේ - (ඡායාරූප)

හෝටලයක් 
මතට යානය
පතිත වෙලා...

යාපනය නගරයේ හෝටලයක් මතට කුඩා ප‍්‍රමාණයේ ගුවන් යානයක් කඩා වැටි තිබේ. වෙළඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට අයත් මෙම ගුවන් යානය දුරස්ථපාලකයක් මගින් කි‍්‍රයාකරවන්නක්.

පෞද්ගලික දුරකතන සමාගමක වෙළඳ දැන්වීමක් රූගත කරමින් තිබියදී එය කිසියම් දෝෂයකට ලක්ව ඇතැයිද ඒ අනුව එය හදිසියේ ගොඩබස්වා ඇතැයිද පැවසෙනවා.


මෙම ගුවන් යානය ගුවන් ගතකර ඇත්තේ අදාල අනුමැතියන් සහිතව බවද ඒ අනුව කිසියම් කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් සිදුව නැතැයිද විමර්ශනවලින් හෙලි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පළමු වරට මෙම ගුවන් යානය දැක ඇත්තේ අදාල හෝටලේ පිහිටි ප‍්‍රදේශයේ සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙක් විසිනි. පසුව ඔවුන් එය රැගෙන ගොස් පොලිසියට භාරදී තිබෙනවා.

කඩා වැටුණු ගුවන් යානයේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.