Monday

හොර වෙබ් අඩවියක් පවත්වා ගෙන ගිය යුවලක් අත්අඩංගුවට

කෝටි ගණනක්
මුදල් වංචා කරලා...

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළ යුවලක් ඇතුළු තිදෙනෙකු ‍අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මොවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක් පිහිටුවා ගෙන මෙම ජාවාරම සිදුකර ඇති බව ය.


එම ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් ඉතාලියට පලා ගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව මේ සම්බන්ධයෙන් කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.