Friday

මහපාරේ දී කෙල්ලොන්ට ළංවෙන අමුතු හොරෙක්

යතුරු පැදිවලින් 
ඇවිත් මගමගදී
කාන්තාවත් 
කොල්ල කාලා.....

ඉමදුව, අහංගම හා අවට ප‍්‍රදේශවල පසුගිය දින කිහිපය තුල සිදු වු කාන්තාවන්ගේ රන් මාල කඩා ගැනීම නිසා කාන්තාවන් බියට පත් වී ඇති බව වාර්තා වෙයි. මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් පැලද යතුරු පැදිවලින් පැමිණ දහවල් කාලයේ දී මෙම සොරකම් සිදු කර ඇත.

ඉමදුව හවුපේ මහා විද්‍යාලය අසල පසුගිය 8 වැනිදා දහවල් කාලයේ දී ඇගලූම් සේවිකාවකගේ මාලය කඩා ගැනීමට තැත් කර ඇති අතර අවසානයේ මාලයේ කෑල්ලක් කඩා ගොස් ඇත.


එදිනම එවැනිම ආකාරයෙන් මාවැල්ල ප‍්‍රදේශයේ දී රන් මාලයක් කඩා ගෙන ගොස් ඇත.

ළ ඉමදුව කෝදාගොඩ ප‍්‍රදේශයේ දී ද වෙලදසැලකට පැමිණි කාන්තාවකගේ රන් මාලයක් ද මෙසේ කඩාගෙන ගොස් ඇත. මෙම අවස්ථා කිහිපමේදීම ප‍්‍රදේශවාසී තරුණයන් අදාල යතුරු පැදි හමා ගිය නමුත් ඔවුන් ව අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

අදාල යතුරු පැදි වල අංක තහඩු උඩ අතට නමාගෙන පැමිණි යතුරු පැදි වලින් මෙම ආකාරයෙන් සොරකම් සිදු ව ඇති බව ඉමදුව පොලිස් ස්ථානාධිපති ගාමි” ශාන්ත මහතා පවසයි.

ළ කෙසේ නමුත් එවැනි යතුරු පැදි තුනක් පිළිබදව මේ වනවිට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් දියත් කොට ඇති බවත් නුදුරේ දී ම අදාල සොරුන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ කණ්ඩායමක් යොදා ඇති බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.