Tuesday

සල්මන් ජැකීගේ අනාගතේ ගැන කියයි

මම ගොඩක්
ආදරය 
කරපු නිළියක්

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් 70 දශකයේ සුපිරි නිළියක වූ සීනත් අමන් (Zeenat Aman) හිමි කරගත් ස්ථානයට පත් වනු ඇතැයි බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් පවසයි. 

ඔහු මේ බව පවසා ඇත්තේ සල්මන් හා ජැක්ලින් රංගනයෙන් දායක වූ කික් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ අවස්ථාවේදීය.

“මම ගොඩක් ආදරය කරපු නිළියක් තමයි සීනත් අමන් කියන්නෙ. මං හිතන්නෙ ජැක්ලින්, සීනත් අමන්ගේ ස්ථානයට පත් වෙයි කියල” සල්මන් ඛාන් ජැක්ලින්ව වර්ණනා කළේ එළෙසය.

හින්දි භාෂාව ඉගෙන ගැනීම සඳහා මහත් වෙහෙසක් දරන ජැක්ලින්ට සල්මන් ඛාන්ගෙන් ඒ සඳහා විශාල සහයක් ලැබී ඇති බවද පැවසේ.

සල්මන් ඛාන් යනු නවකයින්ට විශාල ලෙස උපකාර කරන්නෙකු ලෙස ප්‍රකට වූ අයෙක් බවද වාර්තා වේ.