Monday

ඉස්සෝ මට ඇලජික් අනේ... - උදාරි

නිළියකට පුළුවන්
රඟපාන්න විතරද?

මහත්තයගෙයි දරුවන්ගෙයි කෑම ටිකවත් හදල දෙන්න පුළුවන්ද? ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහත්තයා අපේ රටේ නිළියන්ට අභියෝගයක් ගේනවා. බලමු... අපේ නිළියන්ට උයන්න පුළුවන්ද? මෙවර අභියෝගයට මුහුණදෙන්නේ උදාරි වර්ණකුලසූරිය.

කිරි හොද්දක් තද උණුසුමෙන් තිබියදී පියනෙන් වැසුවොත් කුමක් වේද?
හ්ම්.... හොද්ද කැටි ගැහෙනවා නේ.

පිසගත් ආහාර වළඳක් වැසීමට සුදුසු වන්නේ කුමන ආකාරයේ පියනක්ද?


පියන බෝක්කුව වගේ තියෙන එකක්. ඒ කියන්නේ හිලක් තියෙන්න ඕන. (මෙය වැරැදියි. නිවැරැදි පිළිතුර වන්නේ. මැටි හෝ සුදු යකඩ පියනකින්)



පිසගත් බතේ ඇට වෙන්කර ගන්න කුමක් කරන්නේද?
බත් එකට උයන්න කලින් බටර් දානවා. (මෙය වැරැදියි. නිවැරැදි පිළිතුර වන්නේ බත පිසගත් පසු හැඳි මිටෙන් කූරු ගා වෙන් කර ගැනීමය)

බත සුවඳවත් කරන්න කුමන ද්‍රව්‍ය එක් කරයිද?
රම්පෙ කෑල්ලක් දානවා

බණ්ඩක්කා සහ දෙහි එකට තැබීමෙන් කුමක් වේද?
බණ්ඩක්කා දම්පාට වෙනවා. (මෙය වැරැදියි. නිවැරැදි පිළිතුර වන්නේ බණ්ඩක්කා ඉක්මනින්ම මෝරනවා.)

ඉස්සන් පිසින විට උෂ්ණ බව අඩු කිරීමට කුමක් කරන්නේද?
අනේ මං දන්නෙ නැහැ. ඉස්සෝ මට ඇලජික් නේ... (නිවැරැදි පිළිතුර වන්නේ මුරුංගා කොළ එක් කිරීමය)

මඤ්‍ෙඤාක්කා වැනි අල වර්ග තේරීමේදී වඩාත් සුදුසු වන්නේ කුමන ප්‍රමාණයේ අල තෝරා ගැනීමද?
මධ්‍යම ප්‍රමාණය

එළවළුවකට කරපිංචා එක්කර ගැනීම වඩාත් සුදුසු වන්නේ කෙසේද?
හොඳට සෝදලා බැදලා එළවළුවකට දා ගන්න පුළුවන් නේ...
(මෙය වැරැදියි. නිවැරැදි පිළිතුර වන්නේ කරපිංචා සිහින්ව ලියා ගනිමින් එක් කිරීමය)

පාවිච්චි කළ පසු පිහිය සෝදා ඇණයක එල්ලා තබන්න.
(මෙය වැරැදියි. නිවැරැදි පිළිතුර වන්නේ පාවිච්චි කළ පසු සෝදා හොඳින් පිසදා තැබීමයි.)

අලිගැටපේර ඉක්මනින් ඉදවන්න කළ යුත්තේ කුමක්ද?
අලිගැටපේර ගෙඩි රෙදි කෑල්ලක ඔතලා වහලා තියනවා.
(මෙය වැරැදියි. නිවැරැදි පිළිතුර වන්නේ හාල් භාජනයක දමා වසා තැබීමය)