Monday

මහාචාර්යවරයාගේ අනියම් ඇසුරේ දියණිය සිය සැබෑ මව සොයයි

ඇයි අම්මේ මාව
වෙන කෙනෙක්ට
හදාගන්න දුන්නේ?

ඔහු පෝය දිනයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වන "අමාදහර" ධර්මදේශනයට සහභාගී වන එක්තරා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. සෝවාන් වන්නට ඔන්න මෙන්න ආකාරයෙන් අර්ථයෙන් ධර්මයෙන් දහම් දෙසයි.

අනියම් සබඳතාවන්හි ආදීනව, දරුවන්ට දෙමව්පියන් හා දෙමව්පියන්ට දරුවන් සැළකිය යුතු ආකාරය ගැන ගැඹුරින් අවවාද අනුශාසනා දෙනු ලැබේ. නමුත් අප මේ හෙළිකිරීමට යන්නේ බොහෝදෙනෙකු නොදන්නා ඔහුගේ තවත් එක් පැතිකඩකි.


ඔහු ඉතා ධර්මානුකූල පුද්ගලයෙකු නොවේදැයි අසා සිටි අවස්ථාවක මෙම මහාචාර්යවරයාගේ ඥාතියෙකු ලියුම්කරු සමඟ පවසා සිටියේ "අපෝ...ඌට හොරගෑණු හැමතැනම. කුරුණෑගල පැත්තෙක් ගෑණියක් ඉන්නවා" යනුවෙනි.

කෙසේ වුවද අප මේ හෙළිකිරීමට යන්නේ ඔහුගේ අනියම් ඇසුරක් නිසා ඉපදුනු දරුවෙකු විසින් ඇයගේ සැබෑ මව හෙවත් මෙම මහාචාර්යවරයාගේ එක් හොර අඹුවක් සොයනා පුවතකි.

මෙම මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ සේවය කරන කල්හි එහි සිටි සිසුවියක හා අනියම් සබඳතාවක් පවත්වා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස 1986 වර්ෂයේ එම සිසුවියට දරුවෙකු ලැබීමට සිට ඇති අතර දරුවා බිහිවනතුරු ඇයව එම කාලයේ ඇය පොල්ගොල්ල ප්‍රදේශයේ නිවසක නවත්වා තීබේ.

දරුවා බිහිකිරීමෙන් පසු සිසුවිය නැවත විශ්වවිද්‍යාලයට ගොස් තිබෙන අතර විශ්වවිද්‍යාල දිවිය අවසන්වීමෙන් පසුව ගුරු පත්වීමක් ලබාගන තිබේ.

ඉපදුණු දියණිය කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේ නිවසකට සාදාගැනීමට දී ඇති අතර ඇය මේ වනවිට වයස 28ක තරුණියකි. ඇය මේ වනවිට විවාහ වී ඇති අතර ඇගේ දියණිය මෙම වසරේ කටුගස්තොට ප්‍රදේශයේ බාලිකා පාසලකට ඇතුලත් කර තිබේ.

කෙසේවුවද මෙම තරුණිය මේ වනවිට සිය සැබෑ මව සොයාගැනීමට දැඩි වෙහෙසක් දරනු ලැබේ. ඇය විසින් සොයාගන තිබෙන තොරතුරුවලට අනුව ඇගේ සැබෑ මවගේ නම චාන්දනී ය. ඇය ගුරුවරියක් වන අතර තවමත් අවිවාහකය. කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ වාසය කරන බව දැනගන්නට ලැබේ. මහාචාර්යවරයා තවමත් ඇය සොයා එම නිවසට රිංගනු ලබයි.

ඇය විසින් තම මව එක් වරක් හෝ හමුවීමට ආශාවක් දක්වයි. ඒ "ඇයි අම්මේ මාව වෙන කෙනෙක්ට හදාගන්න දුන්නේ?" යනුවෙන් ඇසීමට ය.

-ගොසිප් බුක්-