Wednesday

ගුරුවරයා ගුරුවරීට අසභ්‍ය කෝල් දීලා

සිසුන් යොදා
ගුරුවරියට
කරදර කරලා

පන්තියේ සිසුන් ලවා ගුරුවරියකට දුරකථනයෙන් අපහාස කරන ලද එම පාසලේම ගුරුවරයකු දින 14 ක් :දාහතරක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කල්මුනකුඩි ප‍්‍රදේශයේ එක්තරා පාසලක ගුරුවරියක හා ගුරුවරයෙකු අතර නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් ගුරුවරයා හා ගුරුවරියගේ පන්තියේ සිසුන් නිදහස් ස්ථානයකට කැඳවා එම ගුරුවරයා දුරකථන ඔස්සේ

අදාළ ගුරුමහත්මියට පරුෂ වචනවලින් අපහාස කරවා ඇත.

එම ගුරුතුමිය විසින් එම කට හඬ දුරකථනයෙන් පටිගත කර කල්මුන පොලිසියට බාරදීමෙන් පසු කල්මුන පොලිිසිය විසින් අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගන්නා ලද අතර කල්මුන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඉකුත් :26 දා සිට දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.