Saturday

ජනනේන්ද‍්‍රිය කොට කළැයි නඩුවක් දායි


බිරිය සමග පැවැත් වූ
සම්බන්ධයේ දී
තුවාලයක් හට ගෙන....

ජනනේද‍්‍රියේ තුවාලයකට සැත්කමක් කිරීමෙන් පසුව එය අගලක් කොට වූයේ යැයි පවසමින් කැනඩාවේ පුද්ගලයෙක් වෛද්‍ය බලධාරීන්ට එරෙහිව නඩුවක් පැවරීමේ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

කැනඩාවේ කියුබෙක්හි පදිංචි මේ පුද්ගලයා තම සැත්කම නොසැලකිලිමත්ව සිදු කිරීමෙන් තමා මේ අසාධරණයට ලක්වූ බවද ඔහු කියා සිටී.


එම තැනැත්තා ඊට වන්දි ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඩොලර් 115,000ක් ඉල්ලා තිබේ.

ඔහුට සැත්කම කිරීමට පෙර ජනනේද‍්‍රියේ තුවාලය හටගෙන ඇත්තේ 2011 ජූලි මාසයේ දී ඔහුගේ බිරිය සමග පැවැත් වූ ලිංගික සම්බන්ධයකදී ය.