Sunday

මවගේ අනියම් සැමියා අතින් දැරියක් කෙළෙසිලා

කුලියට කාමර
දෙන තැනකට 
අරගෙන ගිහින්....

තිස්‌සමහරාම දෙබරවැව නගරයේ උපකාරක පන්තියකට ගොස්‌ ආපසු ගෙදර යැමට බස්‌ නැවැතුමේ සිටි දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ රවටාගෙන නවාතැන් පොළකට රැගෙන ගොස්‌ දූෂණය කළ හතළිස්‌ හය හැවිරිදි පුද්ගලයකු සහ ඊට අනුබල දුන් නවාතැන් පොළ පවත්වා ගෙන ගිය හිමිකරු තිස්‌සමහරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව තිස්‌සමහරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වන දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කළේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන තිස්‌සමහරාම පන්නගමුව වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ තොන්ඩිලගේ බෙනට්‌ නන්දන යන අය සහ තිස්‌සමහරාම පන්නගමුව ප්‍රදේශයෙහි නවාතැන් පොළ පවත්වාගෙන ගිය හිමිකරු වන දෙබරවැව ප්‍රදේශයෙහි පදිංචි මද්දුම පටබැඳිගේ හසන්ත කුමාර යන අයයි.

සිද්ධිය පිළිබඳව දැරියගේ මව විසින් තිස්‌සමහරාම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්‍ෂණයකින් පසු සැකකරුවන් දෙදෙනා පොලිස්‌ අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැරියගේ මවගේ අනියම් සැමියා බවට අනාවරණය වන අතර දැරිය උපකාරක පන්තියට ගොස්‌ ආපසු නිවසට ඒමට බස්‌ නැවැතුමේ රැඳී සිටියදී සුදු පාට වෑන් රථයකට නංවාගෙන පන්නගමුව ප්‍රදේශයෙහි කුලියට කාමර දෙන නවාතැන් පොළකට රැගෙන ගොස්‌ දැරිය දූෂණයට ලක්‌කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වේ.