Wednesday

දැන් මගේ හුළං බැහැල

මගේ නහය 
හරි කැතයි මම
ආසම නැහැ....

ඉස්සර හරි කෙට්ටුයි නේද?
මෙච්චරම කෙට්ටු නැහැ. ඒත් ටිකක් විතර කෙට්ටුයි. ක්ෂේත්‍රයට ඇවිත් ටිකක් කල් යද්දී මම මහත් වුණා.

ඒ මොකද?
ඇඟට කිසිම ව්‍යායාමයක් නැතිව එකතැනටම වෙලා කාලා බීලා හිටියා. ෂූටින්වලට හිරවුණා. එතකොට ඉතින් මහත් වුණා.


එදාට වඩා ඔයා අද හරි ලස්සනයි කියලා කියන අයට ඒ ගැන හේතු කියන්න දන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තද?
ඔව්නේ. දැන් කට්ටිය කියනවා ඔයා සුදු වෙලා ලස්සන වෙලා. ඒකට හේතුව මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. දැන් මම අවුරුදු දෙකක විතර ඉඳන් වෙජිටේරියන්. ඉස්සරට වඩා දැන් මම ධර්මය පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. ඒ නිසා වෙන්න ඇති.

එදාට වඩා අද ගොඩක් වෙනස් වෙලාද?
මගේ සිතුවිලි වෙනස් වෙලා. ඒ නිසා මට මාව පැහැදිලිව පේනවා වගේ දැනෙනවා. අනෙක ඉතින් උදේ සවස කණ්ණාඩියෙන් දකින මගේ වෙනස මටම දැනෙන්නේ නැහැනේ. දකින හැමෝම කියනවා සෑහෙන්න වෙනස් වෙලා කියලා.

කොහොමද ඒ වෙනස දැනෙන්නේ?
සතුටුයි ඒ ගැන. ඒත් සමහර අය ඒ වෙනස ගැන පස්සෙන් පන්න පන්න අහද්දී නම් කේන්ති යනවා. මම ලස්සන වෙන්න මොනවත් කරන්නේ නැහැ කියලා කිව්වට කට්ටිය පිළිගන්නේ නැහැ.

ඒ වෙනස ගැන කොහොමද අනෙක් අයගේ ප්‍රතිචාර?
මාව ඩාන්සර් කෙනෙක් විදියට දැක්ක අය නම් මම කෙට්ටු වෙලා ඉන්නවට හරි කැමැතියි. ඒ දවස්වල මගේ මුහුණ බෝලයක් වගේ. දැන් හුළං බැහැල. මම කෙට්ටුයි කියලා කියනවට නම් ඇත්තටම ආසයි. ඒත් මහත් වෙලා කියලා කියද්දී නම් දුකයි.



ඒ කාලෙයි, දැනුයි ගත්ත ෆොටෝ දෙකක් එක ළඟ තියෙද්දී වැඩිපුරම හිත යන්නේ මොන ෆොටෝ එකටද?
මගේ හිත නම් යන්නේ දැන් ෆොටෝ එකකට. ඒත් අපේ අම්මා නම් මම බෝලේ වගේ ඉන්න කාලෙට තමා කැමැති.

ඒ කාලේ වගේ හිටියා නම් කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. ඒත් ඉස්සර තිබුණු බෝලයක් වගේ මුහුණට නම් ආසයි.

වරමක් ලැබුණොත් රූපය වෙනස් කරගන්න කැමැතිද?
දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මටයි තාත්තටයි පින්සිද්ධ වෙන්න මගේ රූපේ කිසිම දෙයක් අඩුවක් නැතිවම පිහිටල තියනවා. ඒත් මගේ නහය හරි කැතයි. මම ආසම නැහැ. නිකන් හරි මට වරමක් ලැබුණොත් මගේ බෝල නහය අයින් කරලා හීනි දිග නහයක් දා ගන්නවා.

ඉස්සර කළ විලාසිතා තවමත් කරනවාද?
ඉස්සර නම් කොහේ හරි යද්දී ලිෆ්ස්ටික් ගාලා, අයි ලයිනස් ඇඳලා, ජුවෙලරිස් දාලා යන්නේ. දැන් නම් ඉතින් ලිෆ්ස්ටික්ස් කූර අතට ගන්නත් කම්මැළියි. ජුවෙලරි නම් දාන්නෙම නැහැ. පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න තමයි කැමැති.


ඒ දවස්වල තිබුණු ලස්සන කොණ්ඩෙට මොනවද වුණේ?
ඉස්සර මට තිබුණේ චූටි මුදු මුදු වගේ කැරැලි ගැහිච්ච කොණ්ඩයක්. ඒක මම රිබොන්ඩින් කරන්න ගිහින් ඩැමේජ් වුණා. 


දැන්නම් මම කොණ්ඩෙට මුකුත්ම කරන්නේ නැහැ.
ඒත් කාලෙක ඉඳන් මගේ කොණ්ඩේ කොටටම කපන්න හරි ආසාවෙන් ඉන්නවා. සමහර විට ලබන අවුරුද්ද වෙද්දී මම ඒ දේ කරයි.

සවනි ශේෂාධි
ඡායා - පමෝද් නිල්රූ