Saturday

වැලිකඩ හිස නැති හොල්මන කරාපිටියට යයි

සේවකෝ රාත්‍රී
සේවය මගහරියි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ "හිස නැති අවතාරයක්" හේතුවෙන් එහි සේවකයන් බියට පත්ව ඇතැයි වාර්තා වේ.

රෝහල් කොරිඩෝවේ ඇවිදින හිස නැති මළ කඳක රුව දුටු රෝහල් සේවකයන් විසින් භීතියට පත්ව ඇති අතර රාත්‍රියේ සේවයට පැමිණීමද මේවන විට ප්‍රතික්ෂේපකොට ඇත.


අමුතු ආකාරයක අවතාර ඇතැයි කියමින් එහි ඇතැම් සේවකයින් භීතියට පත්ව සිටියි. ඉකුත් දින කිහිපයේම රෝහල් කොරිඩෝව අවට මෙම අද්භූත දසුන් ඇතැම් සේවකයින් දැක ඇති බව පැවසේ.

සේවකයන් කිහිප දෙනෙකුම බිය වීමෙන් අනතුරුව රෝහලේ ධර්ම දේශනයක් පැවැත්වීම කෙරෙහි රෝහල් කාර්ය මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

මෙයට පෙර මෙයට සමානම හිස නැති මළ කඳක අවතාරයක් සම්බන්ධව වැලිකඩ සිරගෙදර සිරකරුවෝ භීතියට පත්ව තිබුණි. එම අවස්ථාවේ ඒ සම්බන්ධව කරාපිටියේ රෝහලේ විශේෂඥ වෛද්‍ය 'රූමී රූබන්' මහතා පවසා තිබුනේ මෙවැන්නකි.

"ඕනෑම හිත දුර්වල කෙනෙක්ම සාමාන්‍ය ජීවිතයේ ඇසෙන ශබ්ධ භූත, හොල්මන් විදිහට දැනෙනවා. සාමාන්‍ය වස්තු මියගිය අය වගේ දැනෙනවා. සමාජයේ අනෙක් අයගේ මත විශ්වාසය කරන අයට මේ පණිවුඩය ලැබුනම ඔවුන්ටත් විවිධ ශබ්ද ඇසෙන්න ගන්නවා."