Saturday

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් දුෂණය කරයි

බංග්ලාදේශ ක‍්‍රීඩක
ෂකිබ්ගේ බිරිඳට
ලිංගික අතවරයක්

ඉන්දියාව සමග පැවති තෙවන එක්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවේ බංග්ලාදේශ ක‍්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ෂකිබ් අල් හසන්ගේ බිරිඳ වන අහමඞ් ෂිෂිර්ට පසුගිය ජූනි 15 වන දා එලෙස අතවර කර ඇත්තේ, එරට ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ 23 හැවිරිදි පුතෙකි. මේ සම්බන්ධයෙන් ෂකිබ් අල් හසන් මීර්පූර් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම ප‍්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


මීර්පූර් පොලිසිය පවසන්නේ, තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ය.

මෙම අතවරය සිදුවූ අවස්ථාවේ බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් අතවර කළ පුද්ගලයින්ට පහර දී තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ෂකිබ් අල් හසන් ද නිලධාරීන් සමග එක්ව ඔවුන්ට පහර දුන් බව ය.