Saturday

ෂාරුක් ගේ පුත් ආර්යන් ආශිකී 3 චිත‍්‍රපටයට

බෙලිවුඞ් ප‍්‍රවීනයන්ගේ
දරුවන් රැසකගෙන්
මෙම චිත‍්‍රපටයට 
වැඩි දායකත්වයක්

ලෝක ප‍්‍රසිද්ධ ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් සහ ශ‍්‍රී දේවි ගේ දියණිය වන ජාන්වි කපූර් ආශිකී 3 චිත‍්‍රපටය සඳහා තෝරා පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

බොලිවුඞ් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ පේ‍්‍රමණිය චරිතවල වීරයෙක් වීමට ආර්යන්ට හැකි වනු ඇතැයි චිත‍්‍රපටය ගැන අදහස් දක්වමින් ආර්යන් ගේ පියා ෂාරුක් ඉන්දීය මාධ්‍යයට සඳහන් කර ඇත.


තවද ආශිකී 3 චිත‍්‍රපටය සඳහා ආර්යන්ව නම් කිරීම එහි අධ්‍යක්ෂකගේ හොඳ තේරීමක් බව ෂාරුක් ඛාන් සිතන බව ඔහු කියා තිබෙනවා.

ජානවී කපුර්ට දැන් වයස 17 වන අතර ඇය මේ දිනවල ඇයගේ ඉගෙනිම් කටයුතු කරමින් මෙම චිත‍්‍රපටය සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

මෙහි වීශේෂත්වය බෙලිවුඞ් සිනමා ප‍්‍රවීනයන්ගේ දරුවන් චිත‍්‍රපටයට වැඩි දායකත්වයක් දැක්වීමයි.

ඒහි වීඩියෝව පහතින් නැරඹන්න