Tuesday

පරණ රස්සාවට අලුත් කෙල්ලෝ

රාජගිරියේ ගණිකා 
නිවාසයක් වටලයි

රාජගිරිය, බුත්ගමු පාරේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ වටලනු ලැබුවා.

එහිදී එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය කළමනාකාරිනිය සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැඳි සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.



සැකකාරියන් වයස අවුරුදු 20, 21 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන අය බවද පොලිසිය පැවසුවා. ඔවුන් අද දින අලූ‍ත්කෙඬ් මහේස්ත‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.