Friday

ආදර පාලම කඩා වැටෙයි

කඩාවැටුණු
ස්ථානයට තාවකාලික
ආවරණයක් 

love-bridgeThe Pont des Arts නම් පැරිසියේ පිහිටි මගී පාලම එය  නැරඹීමට පැමිණෙන පෙම්වතුන් විසින් එල්ලන ඉබියතුරු වල බර හේතුවෙන් කඩා  වැටීමේ අවධානමකට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නෙ.

පාලමේ අත්වැලේ කොටසක් කඩා  වැටීම නිසා  පාලම පැය  කීපයකට වසාදැමීමට පියවර ගනු ලැබුවා .

පැරිසියට පැමිණෙන සංචාරක පෙම්වතුන් විසින් තමන්ගේ ආදරය සංකේතවත් කිරීම පිණිස එම දෙපළගේ නම ලියු ඉබියතුරු මෙලෙස පාලමේ එල්ලා  යතුර ගඟට විසි කරනු ලබනවා.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර කඩාවැටුණු ස්ථානයට තාවකාලික ආවරණයක් සපයා ඇත.