Thursday

රහස් ගැටලු ගැන කතා කරන්න සුදුසු කවුද?

වෛද්‍යවරුන්ගෙන්
උපදෙස් ගන්න ලැජ්ජා
වෙන්න එපා........

අපට තිබෙන බොහෝ ප්‍රශ්න පෞද්ගලිකයි. ඒවා හැමෝටම කියන්න බැහැ. කිව්වත් නිවැරැදි විසඳුම් ලැබෙන්නෙත් නැහැ.

ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය කියන්නෙත් ඒ වගේ දෙයක්. මෙවැනි ප්‍රශ්නයකට නිවැරැදි විසඳුම් ලැබීමට නම් වෛද්‍යවරයෙක් වෙත යා යුතුමයි. නමුත් ලිංගික ගැටලු සම්බන්ධයෙන් වෛද්‍යවරු සමඟ පවා කතා කිරීම ලැජ්ජා සහගත දෙයක් ලෙසයි බොහෝ අය සිතන්නේ. වෛද්‍යවරයකු වෙත නොයා එහෙත් වෛද්‍යවරයකුගෙන්ම උපදෙස් ගන්න ක්‍රමයක් තිබෙනවා.


තුෂාරා රණසිංහ ආගුස්
විධායක අධ්‍යක්ෂිකා
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය

වසර 60ක පමණ කාලයක සිට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුරෝගාමී සේවාවක් ඉටු කරන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ඔබේ ලිංගික ගැටලු පහසුවෙන්ම විස¼දා ගැනීමට ඔබට උදව් කරන්නෙ මෙහෙමයි.

පවුල් සෞඛ්‍ය සංගමය පිහිටුවූයේ ඇයි?

එකල රටේ තිබුණ ශීඝ්‍ර ජනගහන වර්ධනය පාලනය කිරීමට තමයි මේ ආයතනය ස්වේච්ඡාවෙන්ම පිහිටුවූයේ. මාතෘ හා දරුවන්ගේ මරණ අධිකව තිබුණු කාලයේ රජයේ රෝහල් තුළ මෙම සේවාව විශේෂයෙන්ම දිළිඳු මව්වරුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වුණා. ඒත් සමඟම මොවුන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ විශාල පරාසයක් තුළ සේවාව සැපයීමට සමත් වෙලා සිටිනවා.

සේවාව මොන වගේද?

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ විධිමත් දැනුම්දීමක් මේ හරහා සිදුවේ. විශේෂයෙන්ම මඳ සරුභාවය හා ඒවාට සුදුසු ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඒඩ්ස් මර්දන ව්‍යාපාරවලදී රජයත් සමඟ මෙම මෙහෙවරට දායක වෙනවා.

එදා සහ අද මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස්ද?

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ එදා ජනතාවට තිබුණු අවශ්‍යතා හඳුනාගෙන එම සේවාවන් සැපයීමට කටයුතු කළා.
නමුත් වත්මන් සමාජය මේ ගැන බොහෝ විට දැනුම්වත්. මේ නිසා අලුත විවාහ වුණු යුවළ වගේම අනෙක් අයටත් අවශ්‍ය ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුම උපදේශනයක් විදියට ලබා දෙන්න තමයි දැන් කටයුතු කරන්නේ.
පාසල් දරුවන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ දැනුම්වත් කිරීමටත් දැන් විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා. ඒත් සමඟම සමාජයේ සිදුවන දූෂණ අපචාරත් වැළකෙනවා.

දුරකතන ඇමතුමකින් වුණත් සේවය සපයනවා

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ඉතා විශ්වසනීය සේවාවක් ඔබට මේ හරහා ලබාගැනීමට අවකාශ හිමි වෙනවා. ඕනෑම ස්ථානයක සිට සිංහල, දෙමළ හා ඉංගී්‍රසි යන භාෂා 3න්ම ඔබට මෙම සේවාව පළපුරුදු සුහදශීලී වෛද්‍ය හා උපදේශක මඬුල්ලක් මඟින් ලබාගැනීමට පහසුකම් සලසා ඇත.
0112588488 අංකයට අමතා ඔබේ අවශ්‍ය භාෂාවෙන් ගැටලු විමසා සෑම වැඩකරන දිනකම උදෑසන 8 සිට සවස 8 දක්වා මෙම සේවාව ලබා ගන්න.

එස්.එම්.එස්. එකක් එවන්න

0716408408 අංකයෙන් එස්.එම්.එස්. සේවාව යටතේ මේ සම්බන්ධ වෛද්‍යවරුන් හා උපදේශකවරුන් මඟින් ක්ෂණික විසඳුම් ලබා ගැනීමට හැකියි.

වෙබ් අඩවියට එන්න

www.happylife.lk  වෙබ් අඩවියට පිවිසෙමින් ඔබට අවශ්‍ය ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ තතු ඉතාම සරලව හා සවිස්තරාත්මකව ලබා ගැනීමේ අවකාශ හිමි වෙයි. මෙහි විශේෂත්වය වන්නේ ඔබට මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම තොරතුරක් විධිමත්ව හා රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ලබාදීමයි.

රහස්‍ය බව ආරක්ෂා කරනවා

බොහෝ දෙනා මේ පිළිබඳ විවෘතව අදහස් දැක්වීමට ඇති අකැමැත්ත නිසාම දැනුම්වත් බවින් අඩුයි. ඔබේ සත්‍ය තොරතුරුවල ඇති රහස්‍යභාවය නිසාම තරුණ පරපුර මේ පිළිබඳ දැනුම්වත්වීමට පසුබට නොවෙයි. මෙලෙස අනාගත පරපුර විධිමත්ව දැනුම්වත් වීමෙන් ඔවුන් ආරක්ෂා වන අතරම මුළු මහත් සමාජයම නිරෝගී කිරීමටද රුකුලක් වෙයි.

මීට අමතරව,
පියයුරු හා ගැබ්ගෙල පිළිකා, ගැබ් ගැනීම හා සඵලතාව, ඔසප් චක්‍රය හා ගැටලු, ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ආශි්‍රත ආබාධ හා මුත්‍රාබාධ.
මීට අමතරව ඒ සඳහා අවශ්‍ය සායනද සියලු දෙනාටම විවෘතව පවතින අතරම එම සේවාව නොමිලේ වුවද සපයා ගැනීමට මින් අවකාශ හිමි වෙයි.