Sunday

තිසුරි එක්ක රගපාද්දී ඒ හැගීම එන්නම නෑ - නිනෝ අරලිය

පිරිසක් ඉදිරියේ
ඉදිරිපත්
කිරීමක් කළේ?

ගීතාකාන්ති ජයකොඩි මහත්මිය මාව අඳුන්වලා දුන්නා රවින්ද‍්‍ර විෙ–රත්න සහ තරංග දිසානායක මහත්තයාට. ඒ හඳුන්වාදීම සිදුවුණේ ඬමගේ කවිය මට දෙන්නඬ කියන දර්ශන තලයෙදි. මම නාට්‍යයේ අධ්‍යක්ෂ කවුද කියලාවත් දැනගෙන හිටියේ නෑ.

එදා රූගත කෙරුණේ නාට්‍යය ඇතුළේ පෙන්වන තවත් නාට්‍යයක්. ඒ ඇතුළේ පෙන්නපු නාට්‍යයේ තත්පර දෙකක විතර කෑල්ලකට මාවත් ගත්තා. ඒ තත්්පර දෙකෙන් තමයි මේ තරම් දුර ආවේ.


ජීවිතයේ මුණගැහුණ ආදර”යම ගුරුවරයා

එහෙම කිව්වම මට මතක් වෙන්නේ මගේ ඩ‍්‍රාමා සර්ව. ඔහු තමයි මහේන්ද‍්‍ර පෙරේරා. ගුරුවරයෙක් විදියට වගේම ඉතාම සොඳුරු මනුෂ්‍යයෙක් විදියටත් මම මහේන්ද‍්‍ර අයියව අඳුරනවා.

අම්මාගේ ආදරේ වැඩියෙන්ම දැනුණේ

ඬපුතේ... අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා මේ සම්බන්ධය නතර කරන්න. මොකද මේක බොරුවක් කියලා මමයි තාත්තයි දන්නවා කියපු දවස මතක් වෙද්දි.

ඉතින් අම්මලාගේ කීමට සම්බන්ධෙ නැවැත්තුවද

නෑ. එදා ඉඳන් මම අම්මයි, තාත්තයි එක්ක අරියාදුවටමයි වැඩ කළේ. මම හිතාගෙන හිටියේ මට ලස්සන දේවල් එයාලට ලස්සන නෑ කියලා. හැමදේම පෙනුණේ මට එරෙහි බලවේග විදියට. ඒත් ඔක්කොම නතර වුණාට පස්සේ අම්මා කියපු දේ මතක් වෙලා. ගොඩක් ආදරය හිතුණා.

තාත්තාගෙන් රිදෙන්න ගුටි කෑවේ..

තාත්තා ගහන්නේ නෑ. කෝටුව සුද්ද කරනවා විතරයි. හැබැයි ඉතින් එතකොට අපි බයවෙලා ඉවරයි.

ඉස්සෙල්ලාම රැුවුල කැපුවේ

මට අවුරුදු 16 දී විතර එදා අනුන්ගේ කිරිබත් කාලා තමයි සතුට සැමරුවේ.

ඉස්කෝලෙන් මතක හිටින්න දඬුවමක් ලැබුණේ

ඉස්කෝලෙ යන කාලේ හරියට ඉගෙන ගත්තේ නෑ. පිස්සු කෙළියෙත් නෑ. ඉගෙන ගත්තානම් මම අද මෙතැන නෙවෙයිනේ. ඔළුවට ආදර ප‍්‍රශ්න ආවනේ... ඊට පස්සේ ඉතින් අලත් නෑ කොළත් නෑ වගේ හිටියා.

ඉස්සෙල්ලාම චිත‍්‍රපටයක් බලන්න ෆිල්ම් හෝල් එකකට ගියේ

අම්මයි * තාත්තයි * මමයි ගියා ඔයැ ඨදදා එයැ ඊ්ා ්බා මටකහ කියන චිත‍්‍රපටය බලන්න. එතකොට මට අවුරුදු 6ක් විතර ඇති.

ගොඩක්ම දුක හිතුණ දවස

මං එහෙම ගොඩක් දුක් වෙන්න කැමැති නෑ. ඇත්තම කිව්වොත් මම දැන් දුකට ආදරේ නෑ. හේතුව මම දුක් විඳලා තියෙනවා. ඒ අත්දැකීමට ආස නෑ.

වලියක පැටලිලා ගුටි කෑවේ

ගුටි කාලා නෑ. අම්බානට ගහලා නම් තියෙනවා. මගේ හොඳම යාළුවයි මමයි තිස් දෙනකුට විතර ගැහුවා. හැබැයි එදා ගුටි කෑවද කියලා නම් මතක නෑ.

පොලිසියට මාට්ටු වුණේ

මට බාප්පා දීල තිබුණා පුංචි පිහියක්. පිහියක් කිව්වට ඒක බහු උපාංග තියෙන පොඩි උපකරණයක්.  ඕක ඉතින් නිතරම වගේ මගේ සාක්කුවේ තියෙන්නේ. දවසක් මහවෙල පැත්තේ මියුසිකල් එකකට ගිහින් වලියක් අස්සේ මාත් හිරවුණා. එදා අනේ අර කොහෙවත් හිටපු කෙනෙක්ට තරු හයිකරගෙන ඉඳපු පොලිස් කාරයෙක් ගැහුවා විසිවෙලා ගිහින් පිÛන් ගොඩකට වැටෙන්න. ඊට පස්සේ මගේ පිහිය අරගෙන මූ තමයි කපල තියෙන්නේ කිව්ව... පැය 5ක් විතර කූඩුවෙත් තිව්වා...

අමතක නොවන දුරකතන ඇමැතුම

කාලයක්ම දුකට හංවඩු ගැහිලා හිටියේ. ඔළුව හිරිවැටිලා තිබුණේ. ඒ නිසා කිසිම ඇමැතුමක් විශේෂයෙන් මතක නෑ.

තරගයකින් ජය ගත්තේ

ඇහිපිල්ලමක් යට කියන නාට්‍යයේ රූගත කිරීම් අතරතුර මම අශ්වයෙක්ගේ පිටේ නැගලා තුරÛ තරග පිටියේ වට ගාණක් ගියා. එදා මට මාර ජොලියක් ගියේ තරගයකින් දින්නා වගේ තමයි.

හතර විළි ලැජ්ජා හිතුණේ

යම්කිසි අවස්ථාවක මහ පාරේ අප‍්‍රසන්න ලෙස හැසිරිලා තියෙනවා. ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ.

මත්පැන් දුම්වැටි අත්හදා බැලූවේ

මගේ යාළුවෝ එක්ක 11 වසරෙදි ටි‍්‍රප් එකක් ගියා. එදා තමයි ඔය සේරම අත්හදා බැලූවේ.

මුහුණ දීපු අසීරුම පේ‍්‍රම ජවනිකාව

ඬඇහිපිල්ලමක් යටඬ නාට්‍යයේදී තිසුරි එක්ක පේ‍්‍රම ජවනිකාවක් තිබුණා. එදා නම් කිසිම ෆීලින් එකක් තිබුණේ නෑ. හරිම අසීරුවෙන් රÛපෑවේ. හැÛීමක් ආවෙම නෑ.

වෙන රටකට පය ගැහුවේ

වෙන රටකට ගිහිල්ලා නෑනේ. මම තවම යාපනයට ගිහිල්ලා නෑ. වෙන රටකට යන්න කලින් ලංකාව වටේ යන්න ගොඩාක් තැන් තියෙනවා.

කීයක් හරි අතට ගත්තේ

ඊධක්‍ එකේ 18ූ කියන ගිණුමට දැන්වීම් වගයක් ගහන්න ගිහින් තමයි මුලින්ම අතට කීයක් හරි ගත්තේ.

හැදුණ දරුණුම කටකතාව

මේ ළÛදි මට ආරංචි වුණා නිනෝ කුඩු ගහනවා කියලා කතාවක් යනවා කියලා. මගේ පෙනුම නිසා එහෙම හිතෙනවා ඇති ඒක මට ලොකු කලකිරීමක් ඇති කළා.

ජීවිතයට වඩාත්ම සමීප ගීතය

මම ආසයි ඇවටාර් ෆිල්ම් එකේ ඬධ් ඉඥඥ රධභඬ කියන සින්දුවට.

ඉපදීම දුකයි කියලා දැනුණේ

මම කොච්චර වාසනාවන්තද? මගේ අම්මගෙයි තාත්තගෙයි පුතා වෙන්න... ඒක තමයි මගේ පළමු වැනි ලැබීම. මං හරි ආසයි මේ ජීවිතයට.

වාසනා සුරංගිකා විතානගේ -