Thursday

කටාර් ලෝක කුසලානයෙන් බිකිනි හැලෙයි !

අශෝභන ලෙස 
හැසිරුනොත්
මාස 06ක සිරදඩුවම්

වසර 2022 කටාර් රාජ්‍ය යේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන ප්‍රෙක්ෂක ප්‍රේක්ෂිකාවන්ට සංවර ඇඳුමෙන් පැමිණිය යුතු බව එහි සංවිධායකයෝ කියති.

ඒ අනුව කොට කලිසම්, කොට ගවුම්, සිරුරට ඇළුන තද ඇඳුම් හා බිකිනි ඇඳ නොපැමිණෙන ලෙස කටාර් බලධාරීන් ඉල්ලීමක් කර තිබේ.


මීට අමතරව ,ප්‍රසිද්ධියේ ප්‍රේම කිරීම මෙන්ම පොදු ස්ථාන වල අවිනීත වචන භාවිතා කිරීමද නුසුදුසු බවත් එලෙස අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයෙකු මාස 6ක සිර දඩුමකට යටත් කිරීමේ හැකියාවක් පවති බවත් ඔවුන් දැනුම් දී තිබේ.

කටාර් රාජ්‍ය යේ පවතින ඉස්ලාම් දහමට එය නිගාවක් බැවින් මෙම තීරණය ගත්බවද ඔවුහු කියති.