Monday

A/L ඇන ගත්තේ Love එකක් නිසා

එයා තමයි 
නුවර හිටිය
ලස්සනම
කෙල්ල..... 

හේමාල්ගේ පළමු පෙම්වතිය හමුවුණේ මොන විදියටද?
මම මාතලේ ඉඳලා නුවරට A/L Class ගියපු කාලේ තමයි නුවරදි එයාව දැක්කේ. එයා තමයි නුවර හිටපු ලස්සනම කෙල්ල. වලිදාගෙන, ගුටිකාලා තමයි යාළු වුණේ. මම මුලින්ම ඇහුවේ ඔයාට මාව ඇණයක්ද? කියලා.

හේමාල් හිතන විදියට ගැහැනු ළමයි කැමැති ඔයාගේ රූපයටද? voice එකටද?
අනේ... ඒක නම් මම දන්නෙ නැහැ. සමහර අය නම් කියනවා voice එකට කියලා. සමහරු ඉතින් ඇඟට වෙන්න ඇති.


වැඩිපුරම ජීවිතයට ළං වුණේ නිරූපිකාවක්ද නිළියක්ද?
නෑ. නෑ. අපේ අම්මා. ඔයා ආයෙ ආයේ ඇහුවත් කියන්න තියෙන්නේ අම්මා කියලා තමයි.
ඔයා හිතන විදියට ගැළපෙනම නිරූපිකාව හෝ නිළිය කවුද?
මට පුළුවන් ඕනෑම කෙනකුට අනුව ගැළපෙන්න. මට කවුරුත් ගැළපෙනවද? නැද්ද? දන්නේ නැහැ. මම ගැළපෙනවා.

ක්‍ෂේත්‍රයේදී ඉදිරියට යන්න හේතුවක් වුණු කෙනෙක් ඉන්නවද?
ක්‍ෂේත්‍රයේදී මට හමුවුණු හැම කෙනෙක්ම ඉදිරියට යන්න හේතුවක් තමයි. මේ ගැන අධ්‍යයනය කරන්න, මේ ගැන හිතන්න, උදවු කරන්න, දියුණු වෙන්න කියලා හැමෝම කිව්වා. එක්කෙනෙක් කියන්න අමාරුයි. හැමෝම එහෙමයි.

විවාහ කරගන්න කෙනා නිරූපිකාවක් වෙයිද?
ඒක කියන්න බැහැ. ඒක කාලය, වෘත්තිය මත හෝ වෙන දේවල් මත කියලා කියන්න බැහැ. මට ගැළපෙනවා නම් මගේ හිතට වදිනවා නම් කාගේ කවුද කියන ඒවා මට අදාළ නැහැ.

එතකොට පෙම්වතියක් ඉන්නවද?
නෑනෙ. මම දැන් හිතන්නේ මගේ අනාගතය ගැන. A/L ඇන ගත්තේ Love  එකක් නිසා. ඒත් එයා අද නැහැනේ. මගේ නමට වටිනාකමක් හදා ගත්තාට පස්සේ තමයි ඒ ගැන හිතන්නේ.

රසිකාවියෝ නිසා අමාරුවේ වැටිලා නැද්ද?
නෑ. ඒත් Phone  එක Answer නොකළාම ඉතින් බැනලා SMS කරනවා. ලංකාවේ මිනිස්සු හරිම ආදරණීය, සංවේදී අය නිසානේ. ඒකට කමක් නැහැ.

හංසි ආටිගල