Wednesday

දෙතුන්දෙනා එක්ක Sex කලෝත් ඇත්තට වෙන දේ දන්නවද?

මුත‍්‍රා නාල අවහිර වී
වකුගඩු 
අක‍්‍රිය විය හැක...

කාන්තාවන්ට වැළෙක්‍ෂන පිළිකා අතුරින් දෙවැනි තැන හිමි කරගන්නා පිළිකාව නම් ගැබ්ගෙල පිළිකාවයි. මේ පිළිබඳ නිරන්තරයෙන් මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කෙරුණ ද මේ මොහොත වනවිටත් ශ‍්‍රී ලංකාව වැනි රටවල ඉන් පීඩා විඳින කාන්තාවන්ගේ අඩුවක් නැත ගැබ්ගෙල පිළිකාවලින් 997%කටම හේතුව හියුමන් පැපිලෝමා වෛරසයි.

දියුණු රටවල කාන්තාවන් නම් අද වනවිට ගැබ්ගෙල පිළිකාවෙන් බොහෝදුරට ජයගෙන ඇත නමුත් ශ‍්‍රී ලංකාව තවමත් එවැනි තැනකට පැමිණ නැත.


ලිංගිකව සක‍්‍රීය  ඕනෑම අයෙකුට තිබෙන අවදානමක්

හියුමන් පැපිලෝමා වෛරස, ලිංගිකව සක‍්‍රීය වූ  ඕනෑම පුද්ගලයකුට ශරීරගත විය හැකිය නමුත් සිරුරෙන්ම ඇතිවන ප‍්‍රතිශක්තියෙන් බොහෝදුරට මේ වෛරස මර්දනය කරයි

අවදානම වැඩි මේ අයටයි

අඩු වයසින් විවාහ වන අයට විශේෂයෙන් වැඩිවියට පත්වීමෙන් පළමු අවුරුද්ද ඇතුළත විවාහ දිවියට එළැඹෙන අයට මේ අවදානම විසිහය ගුණයකින් වැඩි බව හඳුනාගෙන ඇත බහු සම්බන්ධතා ඇති අයට :එනම් ලිංගික සබඳතා කීපයක්* පෝෂණ ඌනතා සහිත අයට එනම් විටමින් ඒල ෆෝලික් ඇසිඞ් වැනි සං*ටඑතටක අඩු වීම*දුම්පානය කරන අය හා අක‍්‍රීය දුම්පානයට

නිරාවරණය වන අයට,

විදේශයන්හි ගෘහ සේවයේ නිරත වන අයට විශේෂය මෙවැනි තත්ත්ව වල සිටින පුද්ගලයින්ගේ සිරුරේ හියුමන් පැපිලෝමා වෛරස දිගින් දිගටම තිබිය හැකිය මෙම විශේෂත්වය නිසාම අප හැම කෙනෙකුම මේ පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ මන්ද මෙවැනි තත්ත්වයේ සිටින අයට ගැබ්ගෙල පිළිකාවක් ඇතිවීමේ හැකියාව ඉහළ බැවිණි

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සමහර ප‍්‍රදේශවල :මීගමුවල හලාවත වැනි ප‍්‍රදේශ විශේෂය* ගැබ්ගෙල පිළිකාව පැතිරීමේ ප‍්‍රවනතාවය ඉහළය

කාන්තාවක් ලෙස ඔබේ අයිතිය දැනගන්න.

සෑම විවාහක කාන්තාවක්ම රෝග ලක්ෂණ තිබුණත්ල නැතත් අවුරුදු 35ට වැඩි නම් අවුරුදු පහෙන් පහට පැප් පරීක්ෂාවක් කරවා ගැනීමේ හිමිකම ලබයි එය අද වනවිට කාන්තාවකගේ අයිතිවාසිකමකි

මෙම පැප් පරීක්ෂාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් හෝ නාරිවේද වෛද්‍යවරයකු මඟින් කරවාගත හැක නිරන්තර අවධානය හා සැලකිල්ල මත ගැබ්ගෙල පිළිකාව කලින් හඳුනා ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැක ඒ බව ඔබේ මිතුරු මිතුරියන්ට ද පවසන්න

පිළිකාව පැතිරුණු අවස්ථවේදී

පිළිකාව පැතිරුණු ප‍්‍රදේශ තුළින් මුත‍්‍රාශයේ සිදුරු ඇති වී මුත‍්‍රා යෝනි මාර්ගය ඔස්සේ පිටතට පැමිණිය හැකිය එසේම පාලනයකින් තොරවම මුත‍්‍රා පිටතට පැමිණිය හැක

ගුද මාර්ගයේ සිදුරු ඇති වීමෙන් රෝගියාගේ අසූචි යෝනි මාර්ගය දිගේ පාලනයකින් තොරව පිටතට පැමිණිය හැක

පිළිකාව අස්ථිවලට පැතිරීමෙන් අස්ථි බිඳී යා හැකි අතර ඉන් විශාල වේදනාවක් ඇති වේ

පිළිකාව ස්නායු පද්ධතියට පැතිරීමෙන් ශ්‍රෝනි ප‍්‍රදේශය ආශි‍‍්‍රතව විශාල වේදනාවක් ඇතිවිය හැකි අතරල එය බොහෝ අවස්ථාවල වේදනා නාශකවලට පවා පාලනය නොවිය හැකිය

තවද සමහර රෝගීන්ගේ මුත‍්‍රා නාල අවහිර වී වකුගඩු අක‍්‍රිය විය හැක සමහරවිට මෙයින් මරණය පවා සිදුවිය හැක

මෙහි තවත් විශේෂත්වයක් නම්ල ගැබ්ගෙල පිළිකාවට ලක්වන බොහෝ රෝගීන් මරණයට පත් වනුයේ වකුගඩුවලට හානි වීම හේතුවෙන් ඇතිවන සංකුලතා හේතුවෙන් වීමය

හියුමන් පැපිලෝමා වෛරස සිරුරට ඇතුළුවී පිළිකාවක් සෑදීමට සාමාන්‍යයෙන් අවුරුදු 30 ක් පමණ ගත වෙයි නමුත් අප වඩාත් අවධානය යොමු කළ යුතු කාරණය නම් සමහර කාන්තාවන් හට අවුරුදු තුනක් වැනි අවම කාලයක් තුළ වුවත් පිළිකාව වැළඳීමේ හැකියාවක් ඇති බවයි

තවද අද වනවිට අප රටේ කාන්තාවන් පත් වී සිටින අවාසනාවන්ත තත්ත්ව කීපයක් හඳුනාගත හැක

එනම්ල

මෙවැනි රෝග ලක්ෂණ පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ අතිශය ලැජ්ජාශීලි බව නිසා මේ බව පවුලේ අයෙකුට හෝ වෛද්‍යවරයාට පැවසීමට ඉදිරිපත් නොවීමයි නමුත් මෙය කිසිසේත් නොකළ යුතු දෙයකි

එසේම බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල දුප්පත්කම හා බැඳුණු සාධක නිසා කතුන් පහසුවෙන් මේ රෝගයට ගොදුරු වෙති

දරුවන් වැඩි ප‍්‍රමාණයක් සිටීමල ආහාර හිඟකම නිසා ඇතිවන පෝෂණ ඌනතාල පිරිසිදුකමෙන් තොර වීම මෙන්ම සැමියන්ගේ දුම්පානය හා අනියම් සබඳතා නිසා පැතිරෙන ්‍යඡුඪ වෛරස හේතුවෙන් කාන්තාවන් බොහෝවිට මෙමල අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වේ

එන්නතක්

හියුමන් පැපිලෝමා වෛරසට විරුද්ධ එන්නතක් දැන් නිපදවා ඇත යම් කාන්තාවක් ලිංගිකව සක‍්‍රීය වීමට පෙර මෙම එන්නත ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමේ හැකියාව පවතී දැනට මෙම එන්නත රජයේ රෝහල්වල නැති අතරල පෞද්ගලික අංශයේ රෝහල් මඟින් ලබා ගැනීමේ හැකියාව ඇත

කාන්තාවක් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු මූලික රෝග ලක්ෂණ

ෆවිවාහක කාන්තාවක් නම් ලිංගික සබඳතාවකින් පසුව රුධිරය පිට වීමක්

ෆයෝනි මාර්ගයෙන් දුඟඳ හමන ස‍්‍රාවයක් පිටවීමක්

ෆඔසප් වාර දෙකක් අතර රුධිරය පිටවීමක්

ෆආර්තවහරණයෙන් පසුව ද විටින් විට රුධිරය පිටවීමක්

කාන්තාවක් නම් ඔබල මෙවැනි අවස්ථාවලින් එකකට හෝ මුහුණ දී සිටිනවා නම් හැකි ඉක්මනින් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයකු වෙත හෝ නාරිවේද වෛද්‍යවරයෙකු මුණ ගැසී ගැටලූ‍ව පවසන්න

රෝගය මූලික අවස්ථාවේදීම හඳුනා ගන්නට තරම් යම් කාන්තාවක් වාසනාවන්ත වේ නම්ල සැත්කමක් මඟින් ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාව පවතී

නමුත් පිළිකාව දරුණු ලෙස පැතිරුණු අවස්ථාවක එම අවස්ථාව අහිමි වේ

මෙවැනි තත්ත්වයකදී කළ හැක්කේ විකිරණ ප‍්‍රතිකාර මඟින් පිළිකාවේ පැතිරීම පාලනය කිරිම පමණි

සමුද්‍රිකා වර්ණකුල