Sunday

කෙල්ලනේ පරිස්සමෙන්! බ‍්‍රා එකත් මාරයෙක්!

කෙදිනකවත් 
රාත‍්‍රී නින්දට යාමේදී
බ්‍රේසියර් ඇඳීම
නොකළයුතු දෙයක්

පියයුරු පිලිකා කියන්නේ අද ලෝකයේම කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා. පියයුරු පිලිකා ඇතිවීමට බලපාන පැහැදිලි හේතුවක් තවමත් සොයාගෙන නෑ. ඒ පිළිබඳව විවිද මත පළවෙනවා. ඒ අතරින් එක මතයක් තමයි බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිලිකා අතර සම්බන්ධයක් තිබිය හැකි බව.

ඇමරිකානු පිලිකා ආයතනයට අනුව නම් බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිලිකා අතර සම්බන්දයක් නෑ. ඒවගේම මේ දෙක අතර සම්බන්ධයක් තියනවද වගේම මේ දෙක අතර සම්බන්ධයක් නෑ කියන්නත් ප‍්‍රමාණවත් අධ්‍යනයක් සිදුවෙලා නෑ.


නමුත් සැළකියයුතු කරුණක් වෙන්නේ ඉතා මෑතක් වනතුරුම දුම්වැටි හා පෙනහළු පිලිකා අතරත් සම්බන්දයක් ඇති බව සොයාගන්න අපහසු වීමයි. කෙසේවෙතත් මේ සිද්ධියත් එවැනිම දෙයක් වීමට පුළුවන්. කාන්තා යට ඇඳුම් වෙළඳම කියන්නේ අද ලෝකයේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්.

පියයුරු පිලිකා හා බ්‍රෙසියර් අතර සම්බන්ධය හරියට පැහැදිලි කර නැතත් අපේ මේ උත්සාහය එවැනි සම්බන්දයක් ඇති විය හැකි දැයි සොයා බලා අපි අපිම ඒ පිලිබඳ තීරණය කිරීමයි.

බ්‍රෙසියර් ඇඳීම මගින් රුධිර වාහිනී යම් අවහිර වීමක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් රුධිර මාර්ග අවහිර වීමකින් මල ද‍්‍රව්‍ය නිෂ්පාදනය වීමේ ඉඩ කඩ පවතිනවා. එමෙන්ම මෙම වාහිනී අවහිර වීම මගින් ඔක්සිජන් හා පෝෂජනක කොටස් හරියකරව සෛල වලට නොලැබීම හේතුවෙන් මල ද‍්‍රව්‍ය නිසි පරිදි පිටවීමක් නොවෙන්න පුළුවන්ලූ.

මෙවැනි සිදුවීමකින් කුඩා ගැටිති ඇතිවීමේ ඉඩකඩක් තියනවලූ. පරිකෂණයන්ට අනුව බොහෝ පියයුරු පිලිකා ඇතිවීමට මගපාදන්නේ මේ පියයුරු ගැටිතියි. 1991 දී පියයුරු පිලිකා හා බ්‍රෙසියර් ඇඳීම අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීමට අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

කාන්තාවන් 4000ක් පෑමට අධ්‍යනයට යොදා ගත්තා. එයට අනුව 30 ත් 79ත් අතර කාන්තාවන්ගෙන් බාගයකටම පියයුරු පිලිකා ඇති බව සොයාගෙන තිබේ. ඒවගේම බහුතරයක් උන කාන්තාවෝ ප‍්‍රකාශ කරල තියෙන්නේ තමන් පියයුරු වල ප‍්‍රමාණය හා හැඩය පිළිබද අසතුටු වන බැවින් බ්‍රෙසියර් අඳින්නේ පෙනුම සඳහා පමණක් බවත්. ඒවගේම මේ කාන්තාවන්ගෙන් හතරෙන් තුනක්ම රාත‍්‍රී කාලයේත් , හතෙන් එකක් කාන්තාවන් පැය 12කට වඩාත් බ්‍රෙසියර් අඳින කාන්තාවන් හෙළි උනා. ඒවගේම 168කින් එක්කෙන් පමණ බ්‍රෙසියර් නොඅදින කාන්තාවනුත් සිට තිබෙනවා.

අවධානම අඩු කිරීම සඳහා

ළ හැකිතරම් බ්‍රේසියර් එකක් හැඳ නොසිටීමට උත්සහ කරනවානම් හොද බවයි අදහස වෙන්නෙ . විශාල පියයුරු සහිත කාන්තාවක් නම් ඔබ සිතයි එය කරන්නේ කොහොමද කියල. නමුත් ඔබ හැම වෙලේම බ්‍රේසියර් ඇඳීම මගින් අස්ථි සම්බන්ධය දුර්වල කරන බව නොදන්නවා ඇති. ඒවගේම බ්‍රේසියර් එකක් නොඇඳීම මගින් මෙම අස්ථි වැඩිම නිදහසේ සිදුවී පියයුරු නිසි ආකාරයෙන් වැඩිම සිදු වෙනවා.

ප‍්‍රංශ මහාචාර්ය මෙම කාරණය ශාක්ෂි සහිතව ඔප්පු කරලා පෙනවනවා. ඔහුගේ මතයට අනුව බ්‍රේසියර් එකක් මගින් පියයුරු කුඩා කර පෙන්වීමක් හෝ එල්ල වැටීම අවධානම අඩු කිරීමක් සිදු වෙන්නේ නෑ . ඔහුට අනුව බ්‍රේසියර් අනවශ්‍ය දෙයක්. ඒවගේම බ්‍රේසියර් ඇඳීම මගින් පටක වර්ධනයටත් හානි සිද්ධ වෙනවලූ. තවදුරටත් අනාවරණය කරගෙන ඇති ආකාරයට බ්‍රේසියර් නොඇඳීම මගින් තනපුඩුව 7පප පමණ උස්ව වැඞීමක් සිද්ධ වෙනවලූ.

මහාචාර්ය න්‍ැ්බ*ෘැබසි ඍදමකකසදබ ගේ මත දැක වීමට අනුව බොහෝ කාන්තාවන් බ්‍රේසියර් ඇඳීමට හේතු වෙන්නේ සමාජයේ පවතින විවිධ මතයන්ට අනුව පියයුරු වල හැඩය පෙන්වීමට පමණක් බවයි. බ්‍රේසියර් ඇඳීම මගින් උත්සහ කරන්නෙ ඔබගේ පියයුරු කුඩා නම් විශාල ලෙස පෙන්වීමටත් විශාල නම් කුඩාවට පෙන්වීමටත් උත්සහ දැරීමක්. නමුත් ඔබ මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති නිකම් පෙනුමට පමණක් බ්‍රේසියර් ඇඳීම නිසා ඔබ ගන්න අවධානම කෙතෙක්ද කියා.

ඒවගේම ඔබට අනිවාර්යෙන්ම බ්‍රේසියර් එකක් ඇඳීමට අවශ්‍යනම් පමණක් අධික ලෙස තද නොවන එකක් ඇඳීමට වගබලා ගැනීම වඩා හොඳයි. ඒවගේම හැඳ සිටින කාල සීමාව හැකිතරම් අඩු කිරීමට හා එය ගැලවීමෙන් පසු පියයුරු පිරිමැදීම හෝ ස්වල්ප වෙලාවක් සම්බාහනය කිරීම ඉතා හොඳයි.

ඒවගේම කෙදිනකවත් රාත‍්‍රී නින්දට යාමේදී බ්‍රේසියර් ඇඳීම නොකළයුතු දෙයක්. බ්‍රෙසියර් නොඇඳීම මගින් ඔබ ඔබගේ තනපුඩු ඉස්මතු වී පෙනේවි යයි ගැන දුක් වෙනවනම් ඊට හොඳම විසඳුම වන්නේ උඩින් අඳින ඇඳුමට යටින් යම් කිසිවක් ඇඳීමයි