Thursday

රිහානාගේ නිරුවත ළමයින්ට තහනම්!

කාමොත්දිපන්ය
කරන රිහානගේ
දැන්වීම් පුවරු

රිහානා ඇගේ සුවඳ විලවුන් නිෂ්පාදනය ජනප්‍රිය කරවීම සඳහා නිර්මාණය කළ පෝස්ටරය ප්‍රදර්ශනය කළ හැකි ස්ථාන අලෙවේ ප්‍රමිතිකරණ අධිකාරිය (Advertising Standards Authority) විසින් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රිහානාගේ 'රෝග්' නැමති සුවඳ විලවුන් නිෂ්පාදනය පිළිබඳව වූ මෙම පෝස්ටරය කුඩා ළමුන්ගේ නෙත ගැටීමට ඇති හැකියාව අවම වන ස්ථාන වල පමණක් ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබේ.


එලෙස අදාළ පෝස්ටරය ප්‍රදර්ශනය සීමා කීරීමට හේතුව ලෙස ප්‍රමිතිකරණ අධිකාරිය සඳහන් කරන්නේ එම පෝස්ටරය හරහා ලිංගිකත්වය පිළිබිඹු කිරීමක් සිදු කිරීමයි.

අදාළ පෝස්ටරයේ රිහානා නිරුවතින් සිටින සෙයක් පෙනෙන අතර ඇය සිය නිරාවරණය වූ දෙපා රෝග් විලවුන් බෝතලයක් මත තබාගෙන සිටියි.

කෙසේවෙතත්, රෝග් සුවඳ විලවුන්හි අලෙවිකරණ සමාගම වන පලක්ස් ෆ්‍රේග්රන්ස් සමාගම පවසන්නේ එම පෝස්ටරයේ එන නිරුවත නොහොබිනා නොවන බවත් එම සේයාරුව අහිතකර සහ නිග්‍රහශීලී නොවන බවත්ය.