Monday

පෙම්වතියගේ අනියම් පෙම්වතා මරා හදවත කෑමට ගත් පුද්ගලයෙක්!

හදවත කපා එළියට
ගෙන පසුව එය
කෑමට අරන්.... 

සිත තුළ හටගත් දැඩි ඊර්ශ්‍යාව නිසා සිය පැරණි පෙම්වතියගේ  නව පෙම්වතා  මරා හදවත ආහාරයට ගත් පුද්ගලයෙක් ගැන දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වෙයි.

කේප් ටවුන් හි පදිංචි මෙම පුද්ගලයා සිය පැරණි පෙම්වතිය හා නව පෙම්වතා  එක්ව වාසය කල නිවසට සිය පැරණි පෙම්වතියගේ ආරාධනාවක් මත පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.


පැරණි පෙම්වතා නිවසේ සිටියදී  මත්පැන් රැගෙන එන ලෙස දන්වා නව පෙම්වතා ඇය යවා තිබේ.

මෙහිදී  ඇයගේ පැරණි පෙම්වතා විසින් නව පෙම්වතා මරා දමා හදවත කපා එය ආහාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා කියයි.

මත්පැන් රැගෙන නිවසට එනවිට සිය නව පෙම්වතා ලේ ගලමින් වැටී සිටිනු දුටු බවත්, පැරණි පෙම්වතා ලේ වැකුණු යමක් ආහාරයට ගනිමින් සිටිනු දුටු බවත් එම තරුණිය කියා තිබේ.

62 හැවිරිදි  මෙම පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් මත මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි