Friday

යොවුන් නිළියක් අනතුරට ලක්වී නහය කැඩෙයි

තුෂාරිගේ නහයට
ප්ලාස්ටික්
සැත්කමක්!

සඳුන් රාජකරුණාගේ ‘රන්තරු’ටෙලි සිතුවමේ නිශාන්තිගේ චරිතයට පණ පොවමින් ජනප්‍රියත්වයට පත් තුෂාරි වේහැල්ල හදිසි අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් ඇගේ එක් අතක් බිඳී මුහුණටද තුවාල සිදුවී ඇති බවද පැවසේ. එසේම ඇගේ නහයට ප්ලාස්ටික් සැත්කමක් කර ඇති බවත්, මෙතෙක් ඇගේ මුහුණේ හා

අතේ ප්ලාස්ටර් ගලවා නොමැති බවද වාර්තා වේ.

ඇය මේ අනතුරට ලක්ව ඇත්තේ ඇගේ මිතුරු මිතුරියන් පිරිසක් සමඟ අත්තනගල්ලේ අලවල ඔයට විනෝද සවාරියකට ගොස් සිටියදීය.

තුෂාරි සමඟ ගිය පිරිස ඔය දුටු සැනින් නාන්න පටන් ගත්තද, තුෂාරි එසේ වතුරට නොබැස ගලින් ගලට පනින්නට ගොස් ඇගේ කකුල ලිස්සා ඇදවැටී මෙසේ අනතුරට පත්ව ඇත.