Monday

දිකසදයෙන් පසු රිතික් දරුවන් එක්ක තනිවෙලා

සුසෑන් නැතිව
පුතුන් සමග රිතික්
ඩිස්නිලන්තයේ

බොලිවුඩයේ ජනප‍්‍රිය නළු රිතික් රෝෂන් සිය බිරියගෙන් වෙන්වීමට කටයුතු කර ඇති බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ වාර්තාවීමෙන් පසුව ඔහු ප‍්‍රසිද්ධියේ පවුලේ අය සමග කිසිම ඡුායාරූපයක සිටියේ නැත.

ඔහු සිය පුතුන් දෙදෙනා සමග ඇමරිකාවේ ඩිස්නිලන්තයට ගිය විනෝද චාරිකාව සටහන් කරමින් ඊයේ රිතික්ගේ ට්විටර්

ගිණුමේ ඔහුත් පුතුන් දෙදෙනාත් ඇමරිකාවේ සිට ලපාගත් ඡායාරූපයක් පළ කර තිබුණා.

සංවේගයට කරුණ වන්නේ බොලිවුඞ් කලා ලෝකයම අඳුනන ඔහුගේ බිරිය එම ඡුායාරූපයෙන් අතුරුදන්වීමයි.

රිතික් සිය බිරියගෙන් ඇත්තටම වෙන්ව ඇති බව ඒ අනුව තහවුරු වුණා. රිතික් රෝෂන් බිරියගෙන් වෙන්වන්නට හේතු ඔහු මාධ්‍යයෙන් වසන් කර තිබුණ නමුත් මින් පෙර වාර්තා වූයේ ඔහු නවක නිළියක හා ගොඩනැගූ අලූත් ආදර සම්බන්ධයක් මෙයට හේතුවූ බවයි.

රිතික් පළකළ ඡුායාරූපය හා ට්විටර් පණිවිඩ පහතින්.