Friday

බාල වයස්කාර දැරිය අස්වාභික ලිංගිකත්වයට යොදා ගෙන

මාමා සගයත්
එක්ක එකතු වෙලා
දැරිය කෙළසලා 

බාලවයස්කාර දැරියකක් අස්වාභික ලිංගික ක්‍රියාවන්ට යොදා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට මුහුණ දුන් දැරිය අවුරුදු 15ක් වයසැති දරුවෙකි.සැකකරුවන් ලෙස අවුරුදු 37ක් වයසැති ඇයගේ මාමා කනෙකු සහ වයස අවුරුදු 24 ක පුද්ගලයෙක් සිටින බවයි පොලිසිය සදහන් කලේ.


ඇයගේ මව සහ පියා ඇය කුඩා අවදියේදීම වෙන්වී ඇති අතර ඉන් පසුව ඇය ජීවත් වී ඇත්තේ ළමා නිවාසයකය. නමුත් නිවාඩුවක් සදහා ඇය ලොකු අම්මාගේ නිවසට පැමිණ ඇති අතර ලොකු අම්මා නිවසේ නැති මොහොතක දී ඇය මෙම අස්වාභික ලිංගික ක්‍රියාවන්ට ගොදුරුවී ඇති බව සදහන්.