Thursday

මගේ ෆිගර් එකට ඒක හොඳට ගැළපෙනවා - විනු

High heels 
දැම්මම figure
එකට ලස්සනයි

වීනු කියන්නේ හරි ලස්සනට ෆැෂන් කරන කෙනෙක් කියලා හැමෝම කියනවා. ඒ නිසාම වීනුගේ ෆැෂන් ගැන අහන්න හිතුවා. මේ විදියට තමයි වීනු කරන ෆැෂන් ගැන කිව්වේ.

'මම ෆැෂන් කරන්න හරි කැමැති කෙනෙක්. කොච්චර අලුත් Trendsආවත් ඒ හැමදේම මම කරන්නේ නැහැ. මට ගැළපෙන දේවල් විතරයි මම කරන්නේ. ෆැෂන් කරද්දී මගේ ඇඟේ හැඩය, උස, හමේ පාට වගේ හැමදේ ගැනම සැලකිලිමත් වෙනවා.


මම හරිම ආසයි සුදු පාටටයි කහ පාටටයි. ඒ වගේම තමයි මම වැඩිපුර ඉබපඥජඩ ඇඳුම්, කලිසම් වගේ දේවල් අඳිනවා. ඒ ඇරුණම වැඩිපුරම කැමැති ගවුම් අඳින්න තමයි.

විශේෂ උත්සවයකට වගේ යනවා නම් දිග ගවුමක් වගේ අඳිනවා. ගොඩක් වෙලාවට ඒ උත්සවය සහ මගේ අදහස් අනුව තමයි ඇඳුම නිර්මාණය කරන්නේ. මට හිතුණොත් සාප්පුවකින් ඇඳුම මිලදී ගන්නවා. එහෙම නැත්නම් මෝස්තර නිර්මාණ ශිල්පියකුට දීලා ඇඳුම නිර්මාණය කරගන්නවා.

මම ඕනෑම ඇඳුමකට අඩි උස පාවහන් පළඳිනවා. සාමාන්‍ය ගමනකට නම් එතරම් උස නැති පාවහන් තෝරාගන්නවා. මම හිතන්නේ හයි හීල්ස් මගේ උසටයි, මගේ ෆිගර් එකටයි හොඳට ගැළපෙනවා. මට හිතෙන්නේ අඩි උස පාවහන් දැම්මාම මගේ ලස්සන තවත් කැපිලා පේනවා කියලයි.

මම ආභරණ පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. මාල නම් දාන්න ආසම නැහැ. ඒ නිසා තරමක් ලොකු කරාබු දෙකක් නම් දානවා. අතට වළලු දානවට වඩා ටිකක් ලොකු මුද්දක් දාන්නත් කැමැතියි. හයිනෙක් ඇඳුම් අඳිනවා නම් මාල දාන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. එතකොට ලොකු කරාබු දෙකක් විතරක් දානවා. ඒත් ඉතින් සමහර වෙලාවට ඇඳුමක් ඇඳලා කර පාළුයි වගේ කියලා හිතුණොත් නම් මාලයක් දානවා.

විලාසිතා කියන දේ වෘත්තියටත් වඩා පෞරුෂත්වයට බලපානවා. ඒ නිසා විලාසිතා කරද්දී මගේ පෞරුෂත්වයට හානි වෙන්නේ නැතිව ඒ දේ කරන්න මම හැම වෙලේම උත්සහ ගන්නවා. මගේ සිරුරේ හැඩය එක්ක ගවුම් විලාසිතා මට ගොඩක් හොඳට ගැළපෙනවා. මම කැමැති මගේ කොණ්ඩේ නිදහස්ව තියෙනවට.

හැම වෙලේම මම කොණ්ඩේ කඩලා දාලා ඉන්න කැමැතියි. උත්සවයකදී වුණත් ඒ විදියට තමයි ඉන්න කැමැතිය. මගේ කොණ්ඩේ පුංචි රැලි ගතියක් තියෙනවා. අනික මම කොණ්ඩේ ලේයර්ස් කපලා ඉන්නේ. රැලි කොණ්ඩයකට තමයි මං කැමැති. මගේ ඇඳුමත් එක්ක මගෙ කොණ්ඩ විලාසිතාවන් වෙනස් වෙනවා.