Wednesday

දීපිකා බිකිණියට හරි හැඩයිලු...

දීපිකා පදුකෝන්
බිකිණි 
තරගෙට...

බොලිවුඩ් හි අලුත්ම රැල්ල වී ඇත්තේ නාන ඇඳුමින් සඟරා කවර සඳහා පෙනී සිටීම. රංගන ශිල්පීන් දෙවරක් නොසිතා ඊට ඉදිරිපත් වන්නේ ලැබෙන ජනප්‍රියත්වය ඉහළ නිසා.

ආශිකි 2 රංගන ශිල්පිනි ශ්‍රද්ධා කපුර් බිකිණියකින් සැරසී සඟරා කවරයකට මුහුණ දීමත් සමග බෙලිවුඩය පුරා අති විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. බොලිවුඩයේ අංක එකේ නිළියක් ලෙස මේ වනවිට සැලකෙන දීපිකා පදුකෝන් ද ධඨභ සඟරාවේ ජුනි මාසය වෙනුවෙන් බිකිණියකින් සැරසී කවරයට ඉදිරිපත් වීමෙන් සඟරා බිකිණි රැල්ල බොලිවුඩ්හි ජනප්‍රිය වීමේ නවතම ප්‍රවණතාව වෙලා.


ජනප්‍රිය වෙන්න රංගන ශිල්පීන් බිකිණි තරගයට ඉදිරිපත් වෙන්න පෙළගැසී සිටින බවයි බොලිවුඩ්වලින් වාර්තා වන්නේ.