Wednesday

SMS මගුලක් දුරදිග ගිහින්

දුරකතනයෙන් සහ එස්එම්එස් මගින් තරුණ විවාහක මිනින්දෝරුවරයකුට නැවත විවාහ වීමට යෝජනා කළ තරුණියකගේ දුරකතන වාර්තා ලබාගැනීමට කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර ලබා දෙන ලදී.

පැමිණිලිකාර මිනින්දෝරුවරයා විවාහ වී දරුවන් සිටින තරුණයකු වන අතර ටික දිනක සිට තමන්ට කාන්තාවක් කතා කර විවාහ වීමට යෝජනා කර ඇත.


පසුව ඇය විසින් එස්එම්එස් පණිවුඩ එවමින් විවාහක බිරියගෙන් දික්කසාද වී තමන් සමÛ විවාහ වන ලෙසත් දික්කසාද නඩුවලට සහ කාන්තාවට ගෙවිය යුතු මුදල් ගෙවීමට ඇය සූදානම් බවත් එම පණිවුඩවල දක්වා ඇත.
මෙමගින් තමන්ගේ පවුල් ජීවිතයට හානියක් වීමට ඉඩ ඇති බව පවසා මෙම පැමිණිල්ල කර තිබිණි.
ආනන්ද වීරසූරිය