Tuesday

පොත්ත සුදු අය ටෙලි වලට ගත්තට හම වැහැරෙන කොට අයින් කරනවා -- ජයලාල්

http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplanka/jayalald.jpg ප‍්‍රව්ණ කලා ශිල්පියෙකු හා රංග කලා ගුරුවරයෙකු වන ජයලාල් රෝහණ මහතාගෙන් වර්තමාන මාධ්‍ය හා කලාව භාවිතය ගැන පසුගියදා ගොසිප් ලංකා අප විමසීමක් කළා. පහත පළවන්නේ එහිදී ඔහු පළකළ අදහස්ය.

ලංකාවෙ නළු නිළියන් ගැන ඔබට විවේචන තියනවා නේද?  
මං හිතන විදිහට නං නලූනිළියො කියන අය ලංකාවේ ඉන්නේ අතේ ඇගිලි ගානට. ටෙලි නාට්‍ය චිත‍්‍රපට වල ර`ගපාන ඔක්කොම නලූ නිළියො නෙවී. බහුතරය පෙනී සිටින්නෝ විතරයි.


පෙනී සිටීමයි රූපණයයි දෙකක්.යම් කිසි ප‍්‍රමිතියක් ඇතිවුනු කාලෙකට හො`ද නලූ නිළියො ටිකක් බිහිවෙයි.දැනට ඉවෙන් මෙන් හොයාගත්ත යම් ශිල්පීන් පිරිසක් ඉන්නවා.ඒ අයට මම ගරු කරනවා. නාලිකාවලින් පුම්බන්නේ වැඩි හරියක්ම පෙනී සිටින අය විතරයි.

එතකොට ලංකාවෙ වෘත්තීය නළු නිළියො නැද්ද?
ලංකාවෙ වෘත්තීය නලූ නිළියො නැහැ.වෘත්තීය නලූවෙක් කියන්නේ කොහොම ද ? ඒ අය රංගනයට කියලා ආයතනයට ගිහිල්ලා පොතක අත්සන් තියලා, නියමිත කාලය තුළ සේවය කරලා, තමා කල සේවයට යම් වේතනයක් ලබන්න  ඕන.එහෙම කොහෙද තියෙන්නේ.ලංකාවෙ එහෙම තියෙන්නේ රාජ්‍ය නැටුම් කණ්ඩායම,රාජ්‍ය සංගීත කණ්ඩායම සහ ආරක්ෂ අංශ වල කණ්ඩායම්.කොහෙද රාජ්‍ය නාට්‍ය කණ්ඩායම තියෙන්නේ.එහෙම එකක්

බිහි වුනානම් මොනවායින් මොනවා වෙයිද දන්නෑ.ඉතිං කොහෙමද වෘත්තීය නලූ නිලියො වෙන්නේ? පොත්ත සුදට තියෙන කොට ටෙලිනාට්‍ය වලට එහෙම ගන්නවා තමයි.ගත්තට ටිකක් හම වැහැරෙන කොට අයින් කරනවා.එහෙමත් ශිල්පීන් ටිකක් තමයි චරිතාංග නලූ නිළියො හැටියට ඉතුරු වෙන්නේ.ඒ අයත් වෘත්තීය නෙමේ.එහෙම මට්ටමක් තියෙනවනං හොදයි.ලෝකයේ තියෙනවා.ඒත් ලංකාවේ නැහැ.
මෙගා නාට්‍ය නිසාද මේව වෙන්නේ?
මෙගා කියන්නෙ සතපහකටවත් වැඩක් නැති ව්‍යාපාරයක් විතරයි.යම්කිසි මිනිස්සු කණ්ඩායමක් ජීවත්වීම සදහා හොයාගත්ත ක‍්‍රමයක් විතරයි.

ඒ වුනාට මිනිස්සු හොදයි කියනවා රේටිංනුත් තියනවෙනෙ?

කව්ද කියන්නේ ? ඔය කථාව කියන්නේ පට්ට නාලිකාවල ඉන්න මිනිස්සුනේ ? ජනතාව ඔහොම කිව්වේ කොහෙද ?ඒ අය එහෙම කියනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද ? ජනතාව මීහරක් නෙමේ.මිනිස්සුන්ට අපහාස කරන්න එපා.අපේ රටේ ජනතාව ගුණාත්මක දේ හොදින් ඉල්ලනවා.අපිත් එක්ක හම්බ වුනාම පිට කියන්නේ ටෙලිනාට්‍ය බලන්නෑ කියලා.කොළඹ ඇතුලූ නාගරික ගොඩක් අය දැන් සැටලයිට් නාලිකාවලට පුරුදු වෙලා.ගොඩක් අය ලංකාවේ රූපවාහිනී බලන්නෙ නෑ ඒව අත ඇරලා.දැන් ප‍්‍රවෘත්ති බලන්නකො,එකින් එකට වෙනස්.ඒක වෙන්නේ පුද්ගල අගතිය මත.නාලිකාවල අයිතිකරු කැමති දේ පක්ෂ පැත්තට තමයි ප‍්‍රවෘත්ති පෙන්වන්නේ.ඉතිං බලයි ද ?

එතකොට රේටිං වැරදිද?

සාමාන්‍යයෙන් ලෝකය ගැන නොදන්න ගෙවල් ඇතුලටම වෙලා ඉන්න ළිං ගෙම්බන්ට හොදයි.රේටිං කථාව  ඕන විදියට කියන්න පුලූවන්.කව්ද හෙව්වේ,අර ඡුන්ද දාලා ජනප‍්‍රිය නලූවො තෝරනවා වගේ.මහ ඡුන්දෙත් එහෙම්මම තමයි.ඒව ඒ තරමට පිළිගන්න ජනතාව මෝඩ නැහැ.ඒවා පිළිගත්තා කියන්නෙත් ඒ අයමනේ.ජනමාධ්‍ය සදාචාර සම්පන්න විය යුතුයි.ආචාර ධර්ම අවශ්‍යයි.1980 රූපවාහිනිය ආවේ,තාම ජනමාධ්‍ය ආචාර ධර්ම හදනවා.අවසානය කව්ද මේවට වගකියන්නේ ? නැවත උපරි ව්‍යුහය.

ටෙලිනාට්‍ය විතරක් නෙමේ සිනමාවත් දැන් වලපල්ලෙ නේද?

ඔව්  ඕනම කෙනෙකුට  ඕනම වෙලාවක ර`ගපාන්න පුලූවන් වුනාම එහෙම වෙනවා.වෙලා තියෙන්නේ මෙහෙමයි,හො`ද දක්ෂතා පෙන්නපු ප‍්‍රවීණ රූපණ ශිල්පියෙකුට ආරාධනා කළාම ඔහු ඒ රගපෑම පිටපතට අදාලව චරිත වලට යමක් එකතු කරමින් ඉදිරිපත් කරනවා.ඒ සදහා යම් මුදලක් නිෂ්පාදකගෙන් ඉල්ලනවා.නිෂ්පාදක එම මුදල ගෙවන්න අදිමදි කරනවා.එහෙම උනාම,අඩුවට ආපු අය හොයනවා.කොහේහරි ඉන්න පොත්ත සුදු රතු පාටට හුරු කෙල්ලෙක්වයි,කොල්ලෙක්වයි හොයාගෙන වැඬේ කරනවා.මම එහෙම කියන්නේ අත්දාකීමෙන්.ගුණාත්මක රංගන අවශ්‍ය නැහැ.ඉතිං අඩු මුදලට කිසිම හරයක් නැති දෙබස් ටිකක් දීලා මිනිසුන්ගේ වෙලාව කනවා.රංගන ශිල්පීන්ට එහෙම බැහැ.ලෝකයේ ගොඩක් රටවල රංගන ශිල්පීන්ට නියමිත අධ්‍යාපන වටපිටාවක විධිමත් පුහුණු කරන තැන් තියෙනවා.ඒ ආයතන වල ඒ අයම පුහුණුවෙන් පසුව හැදුනුම් පතක් නිකුත් කරනවා.පුහුණුවෙන් පසුව රගපෑමට ගියාම ඒ හැදුනුම්පත ඉල්ලනවා රගපෑමට කලින්.එතකොට එහෙම අයගේ රගපෑම යම් ගුණාත්මක බවක් පෙනෙනවා.ඒ නිසා ටෙලි නාට්‍ය චිත‍්‍රපට රටක ව්‍යාපාරික ලෙස දියුණු වෙනකොට ප‍්‍රමිතියක් අවශ්‍යයි.ප‍්‍රමිතිය ඇගයීම සදහා එයට එකතු වෙන පිරිසශාස්ත‍්‍රාලීය පුහුණුවක් ඇති පිරිසක් සහභාගි කර ගැනීම සිරිතක් කරගත යුතුමයි.එහෙම දවසක නාට්‍ය හෝ චිත‍්‍රපට වළපල්ලට යන එකක් නැහැ.




මාධ්‍ය වලින් තමයි මේව මතුකරල ගන්නේ?

ගොඩක් දෙනා රැුකියාව හැටියට මේ සදහා සහභාගි වෙනවා.ලෝකයේ රටවල මාධ්‍ය ගවේෂකයන්ට මාධ්‍ය සේවකයන්ට විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට ඒ වෘත්තීන් වලට හොදට ගෙවනවා.ලංකාවෙ නම් බොහොම සොච්චම් පඩියක් ගෙවන්නේ.සොච්චම් පඩි වලට සේවයට ගන්නේ සොච්චම් සුදුසුකම් තියෙන අයව.දිළිදු කමේ විෂම චක‍්‍රය වගේ අඩු වැටුප්,අඩු සුදුසුකම් ඒ අයගෙන් වෙන නිෂ්පාදනය ගුණාත්මක බව අඩුයි.මේ හින්දා යම්කිසි රටක්ම ආදර්ශයට ගන්නේ ජනමාධ්‍ය.ඒ හින්දා මිනිස්සුන්ට ගුණාත්මක දෙයක් දැනගන්න පරිශීලනයට අවස්ථාව අඩු වෙනවා.මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වල ඉන්න අයිතිකරුවන් කවුද ?ඒ අයගේ දර්ශනය කුමක්ද? ඒ ගැන හිතන්න වෙනවා.

හරයක් නැතුව  ඕනම කෙනෙකුට  ඕනම දෙයක් කරන්න ඉඩ ලැබුනාම එවන් සමාජයක් වල්බූරු මාවතකට යනවාමයි.ඒ මාවතට අපේ සියලූම ජනමාධ්‍ය ඉතා අතලොස්සක් ඇරෙන්න වැටිලා.අපි බලන්න  ඕන මේ පාලනය අත්තනෝමතික පාලනයට හෝ කොන්දේසි පනවන්න නෙමේ.යම් ප‍්‍රමිතියක් අවශ්‍යයි.

වෙබ් අඩවි වලටත් එහෙමයි.විශේෂයෙන් සමහර ප‍්‍රතිචාර ගැන,ඒ අදහස් ලියලා තියෙන කෙනාගේ අදහස දිහා බැලූවාම එයාගෙ මානසික සමාජීය මට්ටම.කොටින්ම කියනවනම් ගෙදර කන්නේ මොනවද කියලත් කියන්න පුලූවන්.මේක බාගෙට තැම්බුන සංස්කෘතියක්.එය නිම වෙමින් පවතිනවා.ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉතා වේගයෙන් පහළට වැටෙනවා.ඉතිං මේ සදහා බුද්ධිමය කතිකාවතක් ඉක්මනටම අත්‍යවශ්‍යයි.

එතකොට මේවට වගකියන්න  ඕන පාලකයොද ?

කෙටිම  උත්තරය තමයි පාලකයො ඒකට තමයි අපිව බලාගන්න කට්ටියක් ඉන්නේ.කලාවෙන් මේකට උත්තර දෙන්න බැහැ.කලාව කිසිවිටෙක උපරි ව්‍යුහයක නැහැ.ඒ හා සම්බන්ධ සියලූ විශයයන් පහළ තියෙන්නේ අපිව පාලනය කරන්නේ උපරි ව්‍යුහය කට්ටිය.ඒ අයට පුලූවන් අපිව පාලනය කරන්න.හැබැයි කි‍්‍රයාත්මක විය යුතුයි.හැදෙන නීති පාලකයන්ගේ කැමැත්ත අකැමැත්ත මත වෙනස් වෙන්න බැහැ.


කලාකරුවෝ දේශපාලනය කරන එක හරිද?

රටක දේශපාලන පක්ෂ හතරක් නම් කලාකරුවෙකුට ඒ පක්ෂ හතරෙම ආදරේ තියෙනවා.එක පක්ෂයක් තෝරාගෙන වෙන්කර ගත්තහම හතරෙන් තුනක් නැති වෙනවා.හැමෝම හිතනවා ඇයි මට දිනන්න බැරි කියලා.මිනිස්සු පුද්ගලාබද්ධව වැඩ කරන්නේ.කොච්චර හොදට රගපෑවත් එයාගේ දේශපාලන පක්ෂය අරගෙන මිනිස්සු මඩ ගහනවා.ලෝකෙ කොහෙත් එහෙම වෙනවා.කලාකරුවා දේශපාලනයට වඩා උත්තරීතර තැනක සිට සමාජයේ ගනුදෙන කළ යුතුයි.පු්ගලික උවමනාකම් මත නොලැබුනු දේ ළගා කරගන්න ජීවිතේ උකස් කරගන්න ගිහින් කලාව බාල්දු කරන්න එපා කියලා තමයි කියන්න වෙන්නේ.

ලොකු මුදලක් වියදම් කරල නිර්මාණ කරන විලාසිතාවකුත් දැන් තියනව?

අලියා ගිල්ල දිවුල් ගෙඞ්ය වගේ කට්ට තියනවා ඇතුලේ මුකුත් නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නේ. ගොඩක් අය ආදායමි බදු ගෙවා ගන්න කරන උපක‍්‍රමය තමා ඔය. මම අභියෝග කරනවා කැමති කෙනෙක් ඉන්නවා නමි ඉදිරි පත් වෙන්න යනවයි කියන කෝට් ගානෙන් හතරෙන් තුනකින් මම නිර්මාණයක් කරලා පෙන්වන්නමි. මිනිස්සු ඇත්තට කැමති නෑ.

බොරුවෙන් වැහිලා ඉන්නේ. අපි  ඕව කිව්වහම අපිව කොන් කරනවා අපිව ඓහෙම ලේසියකට වට්ටන්න බැහැ. තරුණ අයගේ ලොකු මානසිකත්වයක් තියෙනවා විවාහය ගන්න දවසට ලොකු ගානක් වියදමි කරන්න  ඕන කියලා. ගොඩක් අයට එන්න කියලා හතර වටේට ණය වෙලා සල්ලි ඉතුරු කර ගන්න කියලා සුප් කැටයක් වගේ පොඞ් කේක් කෑල්ලක් දෙනවා. මේ වගේ ජරා වැඩ කරලා මගුල් අරන් වැඩක් තියනවාද . මම අලූත් රසක් හොයාගත්තා භරත මුණිවරයා නව නලූ රසය හොයා ගත්තා ලංකාවෙන් මම කුණු රසය හදුනා ගත්තා.

නලූ නිළියො උපන්දිනය අමුතුවිදිහට සමරන එක දැන් රැුල්ලට ගිහින්

          අනිවාර්යයෙන් ඇත්ත. ඒකත් කාලෙන් කාලට වෙනස් වෙනවා.අපි කට්ටිය පොඩි වැඩක් කරමු.හොදට බෝ කරන්න පුලූවන් වැඩක්.එකපාරටම සරමක් ඇදගෙන පංමල්ලක් අරගෙන බුලත් විටක් කකා පාරෙ යං බලන්න.අපි විසිදෙනෙක් විතර යන්න  ඕන.මේක දකින ඊළග සමාජය බුලත් කනවා.පං මලූ ගන්නවා.අර වටිනාකමක් නැතිව තිබ්බ දේ උඩ යනවා.


ඔබව ටෙලි නාට්‍ය වලට ගන්නෑ නේද ?

ගන්නෑ නෙමේ යන්නෑ.දැනට පෙන්වන බාගෙට ලියපු පිටපත් හත අටක් තියෙනවා.නාට්‍ය කොටස් 100 න් ලියලා තියෙන්නේ දෙකයි.ඉතිං කොහොමද රගපෑමක් දෙන්නේ.මේලෝ රහක් ඇති කෙනෙකුට මේවට යන්න පුලූවන්ද ? බල්ලොත් නොකියන දෙබස්නේ තියෙන්නේ.හොද එකක විතරයි මම ඉන්නේ.මම කරන චරිත වලින් මිනිසුන්ට ජීවිතයට ආදර්ශයක් තිබිය යුතුමයි.

මොනවද ඉතිං මේ දවස්වල කරන්නේ ?

සුපුරුදු පරිදි උසස්පෙළ නාට්‍ය හා රංග කලාව සිසුන්ට උගන්වනවා.ඒ වාගේම මමත්,නාට්‍ය කලාවට රන් සම්මාන හිමි මූදු රංජිත් හා දිරිය කැදැල්ල කණ්ඩායම එක්ව උසස් පෙළ දරුවන්ගේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධ ප‍්‍රායෝගික වැඩමුලූ පවත්වන්න සූදානම් වෙනවා.
         තව අලූත් දේශපාලන ප‍්‍රහසන වේදිකා නාට්‍යක් කරන්න සූදානමින් ඉන්නේ.රොඞ්නි වර්ණකුලත් මමත්.ඒ සදහා දැන් පුහුණු වීම් වල නිරත වෙලා ඉන්නේ.නොබෝ දිනකදි ඒ බව ඔබට කියන්නම්.

එම සාකච්ඡුාවේ වීඩියෝව පහතින්