Wednesday

සැමියාට පිස්සු බිරිඳ කියයි බිරිඳට පිස්සු සැමියා කියයි

බිරිඳට පිස්සු යෑයි කියන සැමියාගේ මෙන්ම සැමියාට පිස්සු යෑයි කියන බිරිඳගේ ද මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා පෙරේදා (26) දා නියෝග කළේය.

බිරිඳට මානසික රෝගයක් ඇතැයි කියමින් සැමියා විසින් ඇයට බලහත්කාරයෙන් බෙහෙත් පෙවීමට යැමෙන් ඇති වූ අඹුසැමි ආරවුලක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥයන් එකිනෙකාහට පිස්සු යෑයි දිගින් දිගට කියා සිිටින්නට වීම හේතුවෙන් මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.


නීතිඥ මානෙල් වික‍්‍රමනායක මහත්මිය  බිරිඳ වන පැමිණිලිකාරිය වැ¥ගෙයිසන්නිය නමැති මානසික ආබාධයෙන් මීට පෙරත් අංගොඩින් ප‍්‍රතිකාර ගත් අයෙක්. සැමියාට කිසිම මානසික ආබාධයක් නැහැ.

මාස 9 ක කුඩා දරුවකුත් මේ දෙදෙනාටම ඉන්නවා. මානසික වෛද්‍යවරයා විසින් නියම කර ඇති බෙහෙත් ඇය බොන්නෙත් නෑ. ක්ලිනික් යන්නෙත් නෑ. ක්ලිනික් යනවා කියලා ඇය ගෙදරින් ගිහින් සැමියාට එරෙහිව වැලිවේරිය පොලිසියේ පැමිණිලි කරලා. දරුවගෙ අයිතිය ගැනත් පැමිණිලි කරලා. මානසික රෝගයක් තියෙන මව ළග මාස 9 ක දරුවෙක් තියන්න අමාරුයි. ඇයව ඉක්මනින් සනීප කරවා ගත යුතුයි.

නීතිඥ රම” සෙනෙවිරත්න මහත්මිය බිරිඳ වූ පැමිණිලිකාරියට ඇගේ සැමියා බලහත්කාරයෙන් බෙහෙත් පොවනවා ‘තොට පිස්සු’ කියලා. එහෙම බලෙන් බෙහෙත් පොවන්න බැහැ. පැමිණිලිකාරියට නොවේ පිස්සු ඇගේ සැමියාටයි. කුඩා දරුවෙකුත් ගෙදර ඉන්නවා.

මෙහෙම පිස්සු කරනකොට මේ ළමය ඉන්නේ කොහොමද? කාටද පිස්සු කියල බලන්න  ඕනෑ. සැමියට තමයි මානසික ආබාධ තියෙන්නේ. බිරිඳ වූ පැමිණිලිකාරිය සංගීත ගුරුවරියක්. පිස්සු තියෙන්නේ සැමියාටයි.

දෙපාර්ශ්වයේ තර්ක විතර්ක දිගින් දිගටම පැවතීම නිසා සැමියා සහ බිරිඳ වන දෙපාර්ශ්වයම අංගොඩ මානසික රෝහලට ගොස් වෛද්‍ය වාර්තාවක් ලබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර නඩු විභාගය ජුනි 19 දාට කල් තැබීය. වැලිවේරිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශ පොලිස් පරීක්ෂක රාමනායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර ඒ වාර්තාවක් මගින් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ගම්පහ සුසිල් රණමුක